සියල්ල හඩවමින් සෝ සුසුම් මැද යශෝරාවය සදහටම නික්ම යයි

Report

දශක හතකට අධික කාලයක් ලාංකේය ජන මනස සිය සුපැහැදිලි ස්වර රටාවෙන් අමතක නොවන මතක රැසකින් සපිරූ අග්‍රගණ්‍ය ගායන වේදනී, විශාරද නන්දා මාලිනී මහත්මිය අද (22) සන්ධ්‍යාවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී දැයෙන් සමුගත්තාය.

නාවල විජයබා මාවතේ පිහිටි ඇගේ නිවසේ සිට රිය පෙරහරකින් බොරැල්ල කනත්ත ආදාහනාගාරය වෙත රැගෙන ආ නිසල දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත රසික ජනතාවක් සහ කලාකරුවන් එකට රොක්ව සිටියහ.

පවතින එල්නිනෝ තත්ත්වය මත දිස්ත්‍රික්ක රැසක ජනතාවට දැඩි අනතුරුදායක තත්ත්වයක්

පවතින එල්නිනෝ තත්ත්වය මත දිස්ත්‍රික්ක රැසක ජනතාවට දැඩි අනතුරුදායක තත්ත්වයක්

ඇගේ අන්තිම කැමති පත්‍රයේ සඳහන් වූ ඉල්ලීමට ගෞරව කරමින් අවමංගල්‍ය සභාවේදී සාම්ප්‍රදායික ගුණකථන පවත්වනු නොලැබූ අතර, රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික ශෝක කාලය මධ්‍යයේ දේහය පිළිබඳ ආදාහන කටයුතු සන්ධ්‍යා කාලයේදී සිදු කෙරිණි.

රටේ ජනතාවගේ සුඛ දුක්ඛයන් හඳුනාගනිමින් ගීතයෙන් මහා සංස්කෘතික හා සමාජීය මෙහෙවරක් ඉටුකළ ඇගේ නික්ම යාම ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ කිසිදා පිරවිය නොහැකි විශාල රික්තකයක් ඉතිරි කර තිබේ.

දැයෙන් සමුගන්නා ජාතියේ යශෝරාවය - නන්දා මාලනියගේ අවසන් කටයුතු පිළිබඳ සජීවි විකාශය

දැයෙන් සමුගන්නා ජාතියේ යශෝරාවය - නන්දා මාලනියගේ අවසන් කටයුතු පිළිබඳ සජීවි විකාශය