දැයෙන් සමුගන්නා ජාතියේ යශෝරාවය - නන්දා මාලනියගේ අවසන් කටයුතු පිළිබඳ සජීවි විකාශය [VIDEO]

Report

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

ඇගේ දේහය රැගත් රිය පෙරහැර රාජගිරිය පාර්ලිමේන්තු පාර ඔස්සේ බොරැල්ල පොදු සුසාන භූමිය දක්වා ගමන් ආරම්භ කර ඇති අතර, අද (23) පස්වරු 5.00 ට ආදාහන කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.

“පවන සහ සත්‍යයේ ගීතයෙන් සමාජයේ සංවේදීතාව අවදි කළා” – නන්දා මාලනිය වෙනුවෙන් අගමැතිනියගෙන් ශෝක පණිවිඩයක්

“පවන සහ සත්‍යයේ ගීතයෙන් සමාජයේ සංවේදීතාව අවදි කළා” – නන්දා මාලනිය වෙනුවෙන් අගමැතිනියගෙන් ශෝක පණිවිඩයක්

එතුමියගේ දේහය මහජන ගෞරවය සඳහා නාවල, විජයබාහු මාවතේ පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර තිබූ අතර, අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල සංඛ්‍යාවක කලාකරුවන්, දේශපාලනඥයින් සහ සහෘද මහජනතාව එක්ව සිටියහ.

ප්‍රවීණ ගායිකා නන්දා මාලනියන්ගේ අභාවය වෙනුවෙන් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද තෙදින ජාතික ශෝක කාලය ද අද දිනයෙන් අවසන් වේ.

නන්දා මාලනියන්ගේ අභාවය BBC ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යවල අවධානයට- "තහනම් කළ 'පවන' සහ අසාධාරණයට එරෙහි වූ යුගයක හඬ"

නන්දා මාලනියන්ගේ අභාවය BBC ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යවල අවධානයට- "තහනම් කළ 'පවන' සහ අසාධාරණයට එරෙහි වූ යුගයක හඬ"