රාජපක්‍ෂලාගේ ඩුබායි මැරියට් හෝටලය රජයට දෙන්න නාමල් සූදානම්ලු..

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා සිටින්නේ, ‘ඩුබායිහි මැරියට් හෝටලයක් අපට තිබේ නම් එය රජයට පවරා ගන්න. උගන්ඩාවේ මුදල් තිබේ නම් ඒවා ගෙන්වන්න. අප විසින් අයුතු ලෙස උපයාගත් ඕනෑම දේපළක් ලෝකයේ ඕනෑම තැනක තිබේ නම්, එය රාජසන්තක කර අපේ ශ්‍රී ලංකා රජයට පවරා ගන්න’ යනුවෙනි. 

මාධ්‍ය අමතමින් ඔහු මේ බව සදහන් කළේය.

කොච්චර වුනත් ආණ්ඩුව මහින්දට බයයි.... මෙන්න සාක්ෂි

කොච්චර වුනත් ආණ්ඩුව මහින්දට බයයි.... මෙන්න සාක්ෂි

“පසුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොතන ලද බොරු ටික තමයි අනුර කුමාරලා දැන් කියන්නේ. රනිල් මහතා දන්නවා, ඔවුන් කියන ඩොලර් බිලියන 18ක් හොයන්න ගියොත් එවැන්නක් නැති බව ඔහුගේ කටින්ම පිටවෙනවා. එහෙත්, රනිල් වික්‍රමසිංහ මහතා කිසිදා ඩොලර් බිලියන 18ක් තිබෙනවා කිව්වේ නැහැ, ඒක නැති බවත් කිව්වේ නැහැ. ඒ බව අනුර කුමාර මහතාගේ කටින් පිටවුණා.

දැන් ඔහුම කියනවා එවැන්නක් නැති බව. රනිල් වික්‍රමසිංහ යනු ඉතා සූක්ෂම හා දක්ෂ දේශපාලනඥයෙක්. ඔහු බොරුවක් ගොතා එය සමාජගත කිරීමට ජේවීපීය යොදා ගත්තා. එම බොරුව ඇත්තක් බව ඔප්පු කිරීමට ගියහොත් එය බොරුවක් බව ඔප්පු වෙනවා. ජේවීපීය ඔවුන් කියූ බොරු ඇත්ත යැයි විශ්වාස කර, එය ඔප්පු කිරීමට ගොස්, අවසානයේ කුමක් සිදුවුණා ද?

ආණ්ඩුව ඩඩ්ලි සිරිසේනවත් ලොක් කරලා.. ඩඩ්ලිට කට උත්තර නැහැ..

ආණ්ඩුව ඩඩ්ලි සිරිසේනවත් ලොක් කරලා.. ඩඩ්ලිට කට උත්තර නැහැ..

මම දැන් ජනාධිපති අනුර කුමාර මහතාගෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ, ඔබලා කියන ඩොලර් බිලියන 18 ගෙන්වන්න. ඩුබායිහි මැරියට් හෝටලයක් අපට තිබේ නම් එය රජයට පවරා ගන්න. උගන්ඩාවේ මුදල් තිබේ නම් ඒවා ගෙන්වන්න. අප විසින් අයුතු ලෙස උපයාගත් ඕනෑම දේපළක් ලෝකයේ ඕනෑම තැනක තිබේ නම්, එය රාජසන්තක කර ශ්‍රී ලංකා රජයට පවරා ගන්න. ඒ බව ජනාධිපතිතුමාගෙන් මා කරන ඉල්ලීමකි. ඒ සඳහා දිවුරුම් ප්‍රකාශයක් අවශ්‍ය නම්, මම එය ලබා දීමට සූදානම්.”

උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ සංවිධාන සැමරුම් 07ක්

උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ සංවිධාන සැමරුම් 07ක්