නාමල්ව අත්අඩංගුවට ගත්තැයින් දේශපාලන පක්ෂ උණුසුම් වෙයි - කැළඹුණු එජාපයෙන් නිවේදනයක් [PHOTO]
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගැනීම දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව සඳහන් කරයි.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින්, එම පක්ෂය ප්‍රකාශ කළේ, මේ මස 12 වැනි දින අනුරාධපුර නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා රැලිය කඩාකප්පල් කිරීම මෙහි අරමුණ වී තිබෙන බවයි.
එසේම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට රට වටා ගොස් රැස්වීම් පැවැත්වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට ද තිබෙන බව පිළිගත යුතු බවත් එහි දැක්වේ.
ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිසුන්ට විශේෂ නිවේදනයක්