එයාගේ ලොක්කා ප්‍රභාකරන් මගේ ලොක්කා මහින්ද අපේ එක්කෙනා එයාගේ එක්කෙනාට ගැහුවා

Report

අද දින (29) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමු වී ඇත.

එහිදී මාධ්‍ය විසින් විදෙස්ගතව සිට ශ්‍රී ලාංකිකයන් හමුවූ මොහොතේ පුද්ගලයකු විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගත් දින තමා වයින් බෝතලයක් බී සතුට ප්‍රකාශ කල බව කීමේ සිද්ධිය පිලිබදව විමසා ඇත.

මම කොටි ඩයස්පෝරාව එක්ක හැප්පෙනවා - මගේ තාත්තව මැරුවා - අර්චුනා කියන කතා බලන්නකෝ

මම කොටි ඩයස්පෝරාව එක්ක හැප්පෙනවා - මගේ තාත්තව මැරුවා - අර්චුනා කියන කතා බලන්නකෝ

එයට පිලිතුරු දුන් මන්ත්‍රීවරයා පැවසුවේ,

"ඒකෙන්ම තේරෙනවනේ මානසිකත්වේ.අනික බොන්නෙ වයින්.එහෙනම් ඒ නිර්ධන පංතිය නෙමෙයි.එයාලගෙ සහ එයාලට ජන්ද දුන්න අයගෙ මානසිකත්වේ ගැන අවබෝධ වෙනවා." ලෙසයි.

එහිදී මන්ත්‍රී අර්චුනා පිලිබද විමසූ අවස්ථාවේ ,

"ඔව් එයා එයාගෙ ජනතාව වෙනුවෙන් හොද හඩක් නගනවා.උතුරේ ජනතාවගේ ප්‍රශ්ණ පාර්ලිමේන්තුවේ කතා කරනවා.හැබැයි දේශපාලනික වශයෙන් එයාගෙ ලොක්කා ප්‍රභාකරන් මගේ ලොක්කා මහින්ද රාජපක්ෂ ඒ දෙන්නා ගැලපෙන්නේ නෑ.අපේ එක්කෙනා එයාගෙ එක්කෙනාට ගැහුවා.හැබැයි අද අර්චුනා උතුරේ ජනතාවගේ ප්‍රශ්ණ කතා කරනවා.එයාට කරදරයක් වුණාම අපි පෙනී සිටින්න ඕනේ" ලෙසයි.

සුළු මොහොතකට පෙර මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට