මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව ගොවියට සැළකුවා මාලිමා ආණ්ඩුව ගොවියාව නොසළකා හැරලා - මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Namal Rajapaksa Sri Lanka Politician Latest Headlines Sinhala news NPP Government
By Ashfa Aug 04, 2025 01:47 PM GMT
Ashfa

Ashfa

Report

"ඔබ සැබවින්ම මෙරට ආර්ථිකයටත්, රටටත් විශාල සේවාවක් කළ ය තමයි ගොවියෝ. ඒ හේතුවෙන් අපේ ආණ්ඩුව සැමවිටම ඒ වගකීම සහ එහි වැදගත්කම අවබෝධ කරගෙන කටයුතු කළා. එහෙයින් ගොවියාගේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා නිරන්තරයෙන්ම අප කටයුතු කළෙමු,"

"ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද" කෙහෙල්බද්දර පද්මෙගෙන් පොලිස් පරීක්ෂකට මරණ තර්ජන

"ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද" කෙහෙල්බද්දර පද්මෙගෙන් පොලිස් පරීක්ෂකට මරණ තර්ජන

යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මෙම අදහස් පළ කළේ සෙවනගල කටුපිල ආර වැව් ඉස්මත්තේ පැවති "ගමින් ගමට" වැඩසටහනේ එක් අවස්ථාවකදීය.

පාසල් 72ක් වසා දැමීමට සුදානම් - අමාත්‍යවරයාගෙන් දැඩි විරෝධයක්

පාසල් 72ක් වසා දැමීමට සුදානම් - අමාත්‍යවරයාගෙන් දැඩි විරෝධයක්

මෙම අවස්ථාවේදී, මන්ත්‍රීවරයා සෙවනගල ප්‍රදේශයේ වත්මන් ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින උක් ගොවින් සමඟ හමුවී, ඔවුන්ගේ ගැටළු පිළිබඳ සාකච්ඡාවක්ද සිදු කළේය. එහිදී වැඩිදුරටත් කතාකල මන්ත්‍රීවරයා කියා සිටියේ, 

ගුරු බිරිදගේ ලිංගික දර්ශන සැමියා විසින්ම සිසුවාට Whatsapp කරලා

ගුරු බිරිදගේ ලිංගික දර්ශන සැමියා විසින්ම සිසුවාට Whatsapp කරලා

හේන් ගොවියාගේ ඉඳන් මඩ ගොවියා දක්වාත් උක් ගොවියා දක්වාත් අපි ආරක්ෂා කළා.ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ එදා විශේෂ ආමාත්‍යවරයෙකුත් පත් කළා. ඒ කලේ විහිලුවටත් කිවිවා. සිනි ඇමති කියලා ලක්ෂ්මන් ඇමතිතුමා. අපි එක පැත්තකින් දැක්කා රටේ නිශ්පාදන ආර්ථිකය වැඩි කරගන්නම් අපේ රටේ තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනි.

අපි තවත් පැත්තකින් විදේශ විනිමය රටේ උත්පාදන කරනවා වගේම පිටරටින් ගෙන්වන දේවල් අවම කරගන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒ වගේ ම මේ ප්‍රදේශවල ජීවත් වන මේ වෙනගල මොණරාගල දිස්ත්‍රික්කයේ ජීවත්වන ගොවියාගේ ආර්ථිකය සඳහා අපි වැඩපිළියෙලක් අපි නිර්මාණය කරන්න ඕනේ. ඒ නිසා අපේ ආණ්ඩුවලින් හැමදාම මේ කර්මාන්ත ශාලා ආරක්ෂා කලා. සමහර ආණ්ඩු බලයට ආට පස්සේ මේක විකුනණ එක තමයි කරන්නේ. හැබැයි අපි විශ්වාස කරන්නේ නෑ මහින්ද රාජපක්ෂ ප්‍රතිපත්තියට අනුව මේ ආණ්ඩුව ගොවියාට ආරක්ෂා කරන්න පුලුවන් කියල. ඒ හින්දා ගොවියා ආරක්ෂා කරන ගමක් සීනි කර්මාන්ත ශාලා දුවන්න අපි තීන්දු ගත්තා.

අපි ඒවා ආරක්ෂා කරගන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරා. ගොවියාට වෙලාවට මුදල් දුන්නා, ඒක නිසා ගොවියාට අත් උදව් දීපු අයට පොලිය දී ගන්න පුලුවන් වුණා. අනෙක් පැත්තන් පිටරටින් ගේන ඒවා සීමා කරා, ඒ තුළ හොඳ මිලක් දුන්නා. එකනොල් ටික පිටින් ගේන එක නවත්තලා ඒකටත් අපි බැනුම් ඇහුවා ඒ කාලේ. මොක ද ව්‍යාපාර ක්‍රමවේදය තේරෙන්නැති අය ඒකටත් දොස් කිව්වා.

හැබැයි අපි දේශියත්වය රැකගන්න අවශ්‍ය වැඩපිලිවෙළ ක්‍රියාත්මක කලා. දේශිය ගොවියා ආරක්ෂා කරගන්න, ගමට ආදායම අරන් යන්න අපි දන්නවා. මේ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව නිසා මේ නිශ්පාදන ආර්ථිකය ආතුලේ විශාල පවුල් ගානක් ජීවත් වෙනවා. ඒ අයට අද වෙනකොට විශාල අපහසුතාවයකට මුහුන දෙන්න වෙලා තියෙනවා. ආර්ථික වශයෙන් හා සමාජීය වශයෙන් හිතාමතා කර්මාන්ත ශාලා විනාශ කරනවා. මේක ඔබට පමණක් නෙවෙයි හම්බන්තොට ලුණු ලේවායටත් වෙලා තියෙනවා.අද ලුණුත් පිටින් ගෙන්නන්නේ. ඉස්සර අපේ ගම්වල තිබ්බේ ලුණු පොල් කට්ටක් දැන් ඒකටත් කෙළියා. දැන් ලුණුත් පිටින් ගෙන්නේ ඇහුවාම කියනවා වහින හින්දා ලුණු මිදෙන්නේ නැහැලු. ලංකාවට වැස්සේ නැත්තේ කවද්ද මොකො නියඟ කාලෙට විතර ද ලුණු මුදවන්නේ. පසුගිය කාලේම වැස්සා හැබැයි මේ ආණ්ඩුව ආවාට පස්සේ තමයි ලුණු මිදෙන්නේ නැතිවෙන්න වැහැලා තියෙන්නේ, මේ බොරුව තමන්ගේ අවශ්‍ය ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක්ට ලාභ ලාබන්න ඕනේ හින්දා තමන් ආශ්‍රය කළ තමන් විශ්වාස කළ පිරිසකට යම් වරප්‍රසාදයක් ලබා දෙන්න ඕනි නිසා මේ ආයතන හිතාමතා කඩාකප්පල් කරනවා. හිතාමතා වට්ටනවා . හැබැයි විපක්ෂයට බනිනවා. එක්කො ගල ගෙනත් දාලා තියෙන්නේ විපක්ෂයලු. ඉස්සර වරායේ ගලක් ගැන කිව්වා. දැන් සීනි කර්මාන්ත ශාලාවේ ගලක් ගැන කියනවා. මම දැක්කා ඇමතිවරයෙක් කියනවා අලින්ට වෙඩි තියන්නේ විපක්ෂයලු.

ඒවා කුමන්ත්‍රණලු. දැන් ඉතින් ආණ්ඩුව එයාලාගෙනේ. මේ අය අල්ලන්න පුලුවන්නේ. පාර්ලිමේන්තුවේ පොලිසිය භාර ඇමති කෙනෙ‍ක් ඉන්නවා. අර අපිට ජාතික ආරක්ෂා ගැන බංකුවේ වාඩිකරලා ලෙච්චර් දෙන්න ආපු මහත්තයා ඉන්නවා. දැන් සංවිධානාත්මක අපරාධ නවත්වන්නත් බෑ. සත්තු බේරගන්නත් බැ.ආණ්ඩුවට වැඩ බැරි වෙනකොට මිනිස්සුන්ගේ පිට ඒක පටවනවා. ඔබට මතක ඇති කෘෂිකර්ම ඇමතිවරයා ඉතිහාසයේ කවදාවත් ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යවරයෙක් කියන්නේ නැති කතාවක් කියනවා.”අපි වවන්න ඕනි නෑ”ඒ ප්‍රතිපත්තිය අපේ නෑ. මේ ආන්ඩුවේ රටේ වවන්න පුලුවන් හැම බෝගයක්ම වවන් ඕන, ස්වයංපෝෂිත වෙන්න ඔනි කියලා න්‍යායක් නෑ. අපි වවලා අපි කනවා කියලා න්‍යායක් නෑ කිවිවා. දැන් මොකද්ද කියන්නේ පිටින් ගෙනල්ලා කන්න දෙන්නම් කියනවා. එතකොට වී ගොවියා අසරණ වුණාට කමක් නෑ. හේන් ගොවියා අසරන වුණාට කමක් නෑ.

උක් ගොවියා අදරණ වුණාට කමක් නෑ. හාල් පිටින් ගේමු. එළවලු පලතුරු පිටින් ගේමු. සීනි පිටින් ගේමු කියලා කර්මාන්ත ශාලා වහලා මිනිස්සු 1300ක් පවුල් වලට ජීවත් වෙන්න බැරි වෙන්න වත්තට දැම්මට කමක් නෑ. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ අභියෝග තිබ්බා කොරෝනා තිබ්බා අපි ඒවට මුහුන දුන්නා. අන්තිමට ඒක අරගලයකට පරිවර්තනය කලා. බලපෑම් ආවිල්ලා විජාතීය රටවල් මුදල් වියදම් කරලා දැන් ඩොනල් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඒ ගැන පැහැදිලිවම කියනවා. හැබැයි ඒ මොන අභියෝගය තිබ්බත් කොයිතරම් වසංගත තිබ්බත් ඒ කාලසීමාව තුළ ඔබ තමුන්නාන්සේලාගේ ආයතනය ලාභ ලබන ආයතනයක් වුණා. බොනස් එක ගෙව්වා ,වේලාවට මුදල් දුන්නා.

එක දවසක් පරක්කු කරේ නෑ. කර්මාන්ත ශාලාවේ වැඩකරන අයට බොනස් එක දීලා ගොවියටත් බොනස් එක දුන්නා. රු.20 000 ක බොනස් එකක්. ගොවිමහත්වරුන්ටත් ලක්ෂ එකහමාරක්ක බෝනස් එකක් දුන්නා. සේවකයින්ට, ගොවියටත් දුන්නා ඇයි ඒ මොක ද අපි දන්නවා මේ රටට කරන සේවය අපිට පිටින් ගෙනල්ලා කන්න දෙනන් ඕන කියන න්‍යායේ අපි නෑ. මේ රටේ ගොවියා රකින්න ඕන කියන තැන අපි ඉන්නේ දැන් ඔබ තමුන්නාන්සේලාගේ ආයතනය ආරක්ෂා කර ගන්න ඕන ඒ සඳහා අපි පෙනී සිටිනවා. ඒ වගේමයි ගොවීන් ආරක්ෂා කරගන්න ඕන ඒවෙනුවෙන් අපි පෙනී හිටිනවා සහ අපි ඔබේන් ඉල්ලන්නේ මේ ක්ෂේත්‍ර ය ආරක්ෂා කරගන්න අපි එකතු වෙලා කටයුතු කරමු.

මේක දේශපාලනයක් නෙවෙයි මේ සම්පත් විකාශ කරලා දැම්මොත්, හම්බන්තොට වරාය විකුණුවා. මම හිරේ ගියා මම ඇප අරන් එනකොට ඒක විකුණලා මම ගිහිල්ලා එනකොට විකුණලා. ඉතින් එහෙම ආණ්ඩුවක් අපිට වැඩක් නෑ. ඒ හින්දා ඔබ තමුන්නාන්සේලා අපි හැමදැම මේ රටේ හරි දේ වෙනුවෙන් පෙනී හිටියා අපි මිනිස්සු වෙනුවෙන් පෙනී හිටියා. අපිට දැන් චෝදනා ලැබිලා තියෙන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් ‍පෙනී හිඳලා. අපි රණවිරුවන් වෙනුවෙන් පෙනි සිටියා. අද පොලිස්පතිවරයාට එරෙහිව පාර්ලිමේන්තු විවාදයක් යනවා.

අනෙක් පැත්තෙන් හිටපු නාවික හමුදාපතිවරයාට විරුද්ධව දැන අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒක නෙමෙයි හොඳම කතාව ඔහුට විරුද්ධව සාක්ෂි දෙන්නේ ඔහු හඳුනා ගැනීමේ පෙරට්ටුවට එන්නේ එලි.ටි.ටි ත්‍රස්ත නැගෙනහිර පළාතේ බුද්ධි අංශේ ප්‍රධානියා. දැන් වෙන්න ඕනේ නාවික හමුදාවේ බුද්ධි අංශේ ප්‍රධානියා ගිහිල්ලා එල්.ටි.ටි. කෙනා හඳුන ගන්න ඔනේ දැන් වෙලා තියෙන්නේ මොකද්ද එල් .ටී.ටි.ඊ කෙනා ඇවිත් නාවික හමුදාවේ කෙනා අඳුර ගන්නවා. මෙන්න මෙයා තමයි කියලා. දැන් ඒ තැනට මේ රටේ රණවිරුවා පහතට ඇදලා දාලා.

ඒ අය යුද්ධ කරපු හින්දා තමයි ඔය එල් .ටී.ටි.ඊ එක අවසන් කරපු හින්දා තමයි එහෙම නැත්නම් කවදාවත් ජෙ.වි.පී එකට නැගෙනහිර පළාතේ හෝ මේ මොණරාගලට ඇවිත් මේ සෙවනගලට ඇවිත් යෞවන සමාජ පිහිටුවන්න බෑ. තමන්ගේ පක්ෂයේ ලමයි ටික දාගේන.හැබැයි ඒ හැකියාව ලැබුණේ මේ රණවිරුවෝ ජීවිත පූජා කරලු නිසා ඒකට දැන් කළගුණයකුත් නෑ. ඒ හින්දා ඔබට අපි පැහැදිලිව කියන්නේ අපි කතා කරමු අපි එකතු වෙමු අපි වැඩපිළිවෙලක් හදා ගමු අපි රාජ්‍ය ආයතන ආරක්ෂා කරගමු.අපි ඔබට සහතිකයක් දෙනවා අපි අපේ දේශපාලන බලවේගය ඇතුලේ මේ ආයතන වැහෙන තැනට වැඩකරන්නේ නෑ. අපි ගොවියා ආරක්ෂා කරනවා. යයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීය

ReeCha