වැල්ලේ සාරංගගේ ගෝලයෙකු ටී-56 එක්ක කොටුවෙයි
අඟුරුවාතොට පදිංචි ව්යාපාරිකයෙකු ඝාතනය කිරීමට සූදානමින් සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු ටී-56 ගිනිඅවියක්, මැගසිනයක් සහ උණ්ඩ 16ක් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන 'වැල්ලේ සාරංග' නමැත්තාගේ මෙහෙයවීමෙන් මෙම ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි විය.
අදාළ ව්යාපාරිකයා විසින් සිය කර්මාන්තශාලාවේ අබලි ද්රව්ය වැල්ලේ සාරංගගේ පාර්ශ්වයට ලබා නොදීම මෙම ඝාතන තැතට ආසන්නතම හේතුව වී ඇත.
ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්රශ්නයට අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්
ලැබුණු තොරතුරකට අනුව දින ගණනාවක් පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පසුව සැකකරු ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් අතර, ප්රශ්න කිරීම්වලදී නිවස අසල වළදමා තිබූ ගිනිඅවිය සොයාගෙන තිබේ.
මෙම ගිනිඅවිය කළුතර ප්රදේශයේ සිදුවූ අපරාධ රැසකට භාවිත කර ඇති අතර, 'බස් ලලියා' නමැති අපරාධකරුගේ පාර්ශ්වයද එය භාවිත කර ඇති බවට හෙළි වී ඇත. සැකකරු රඳවාගෙන ප්රශ්න කිරීමට නියමිතයි.