තලපති විජේට නාමල්ගෙන් සුබ පැතුම් - මෙන්න හේතුව
දකුණු ඉන්දීය සිනමා තරුවක් වන තලපති විජේට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සුභ පැතුම් එක්කර තිබේ.
නාමල් රාජපක්ෂ තම නිල එක්ස් ගිණුමෙන් සටහනක් තබමින් මෙලෙස ප්‍රකාශ කර තිබේ,
“තලපති විජේ සැමවිටම මගේ ප්‍රියතම රංගන ශිල්පියෙක්. ඔහුගේ සිනමා ගමන සහ රිදී තිරයට ගෙන ආ ශක්තිය සැබවින්ම විශේෂ සහ අමතක නොවන ඒවා වේ. ඔහු මෙම පරිච්ඡේදය අවසන් කර නව ගමනකට පිවිසෙන විට, සිනමාවට නිසැකවම ඔහුගේ පැමිණීම සහ ජවය මගහැරෙනු ඇත. ඔහුට සාර්ථකත්වය සහ ඉදිරි සෑම දෙයකම සුභ පැතුම්.”
මේ අතර, සිනමා නළු විජේගේ මීළඟ චිත්‍රපටය වන ජන නායගන් චිත්‍රපටයේ ගීත එළිදැක්වීමේ උත්සවය ඊයේ (27) මැලේසියාවේ පැවති අතර, බුකිට් ජලීල් ජාතික ක්‍රීඩාංගනයේදී විශාල පිරිසක් සහභාගී වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
තලපති විජේගේ ජන නායගන් චිත්‍රපටය ලොවපුරා ජනවාරි 09 වන දින ප්‍රදර්ශනය සඳහා නියමිතව තිබේ.