කට්ටියක් එල්ලුම් ගස් යද්දි අරගලයේ හිටපු සමහරු වාහන,ගෙවල් අරන් රටත් ගිහින් එහෙම බෑනේ - අරගලයට මුදල් ආපු හැටි අවුස්සන්න යන නාමල්
ඉදිරි ආණ්ඩුවකදී ජනාධිපති කොමිසමක් මඟින් අරගලයට මුදල් ආපු ක්‍රමය සහ එම මුදල් බෙදාගත්තු ආකාරය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකර සියලු තොරතුරු රටට හෙළි කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කර ඇත. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඒ අද (13) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පිහිටි පක්ෂ මූලස්ථානයේදීයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ,
"පැහැදිලිවම අරගලය සම්බන්ධයෙන් සහ ඒ සඳහා විදේශ රටවලින් ආපු මුදල් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරලා ඒ කාරණය පිළිබඳව සොයනවා. මොකද ඇමරිකානු ජනාධිපතිවරයා පවා ලංකාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක ආණ්ඩු වෙනස් කරන්න විදේශ මුදල් යොදාගත් ආකාරය පිළිබඳව UsAid ආයතනය හරහා මුදල් යෙදෙව්වා කියන කාරණය සඳහන් කරලා තියෙනවා. පැහැදිලිවම මේ අයට විදෙස්වලින් මුදල් ආවා. ඒ හින්දනේ අර අරගලයේ හිටපු සමහර අය අද සමාජයට ඇවිල්ලා කියන්නේ අපි වාහන ගත්තා, අපි ගෙවල් ගත්තා, අපි රට ගියා. මේ එක්කම තමන්ට වාහන ගන්න තමන්ට ගෙවල් ගන්න තමන්ට රට යන්න අවස්ථාව යොදා ගැනීම සඳහා බිල්ලට ඉලක්ක වුණු දරුවන් අද එල්ලුම් ගස් ගියා. අරගලයේම එක කොටසක් වාහන ගන්නයි, එක කොටසක් මැති ඇමතිවරු වෙන්නයි , තවත් කොටසක් ගෙවල් ගන්නයි , තවත් කොටසක් පිටරට ගිහිල්ලා පදිංචි වෙන්නයි , තවත් දොළොස් දෙනෙක් එල්ලුම් ගස් යන්නයි බෑනේ. ඒ කියන්නේ පැහැදිලිවම මේ කාරණය සම්බන්ධයෙන් මෙහෙයවපු අය රජ වුණා. අනිත් අය එල්ලුම් ගස් ගියා. ඒක තමයි අවසාන සිද්ධ වුණේ. අරගලේ මුවාවෙන් තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න එක ජීවිතයක් නැති කරා තරුණ පිරිසක් එල්ලුම් ගස් යැව්වා. අවවාද උපදෙස් දීල ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා දැන් එන්න එළියට බහින්න ගහන්න අපි බලාගන්නම් කියලා කියපු අය අද රජ වෙලා ඉන්නවා. අර තරුණයෝ එල්ලුම් ගස් ගිහිල්ලා තියෙනවා . එමෙන්ම එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ, පළවෙනි කාරණය තමයි ඔය චෝදනා නගන අය ගරු විනිශ්චයකාරවරුන්ගේ නඩු තීන්දුව කියවන්න ඕන. එක පැත්තකින් ආණ්ඩුව උත්සාහ කරනවා මේ රටේ අධිකරණ පද්ධතියට තමන්ගේ බලපෑම් එල්ල කරන්න. ස්වාධීනත්වයට පහර දෙන්න. අපි සතුටු වෙනවා ගරු අධිකරණය ගරු විනිශ්චකාරවරුන් ස්වාධීනව මේ කරුණු කාරණා දිහා බලලා අතුකෝරළ මන්ත්‍රීතුමාගේ ජීවිතයට සාධාරණයක් ඉෂ්ඨ කිරීම පිළිබඳව. තව පැත්තකින් මම කණගාටු වෙනවා තවමත් මේ සමාජ මාධ්‍ය ගැන. සජීවීව කරපු ඝාතනයක් සමාජ මාධ්‍ය මගින් සාධාරණීකරණය කරන්න උත්සාහ ගන්න පිරිසකුත් ඉන්නවා.
මේ අමු අමුවේ මහ දවල් කරපු මිනිමරුමක්. ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඔය වගේම සිදුවීමක් අපිට මතකයි එක කාලෙක පකිස්ථානයේ යම් කර්මාන්ත ශාලාවක් ආශ්‍රයෙන් සිදුවුණා. එවකට හිටපු ඉම්රාන් ඛාන් පාකිස්තාන අග්‍රාමාත්‍යතුමාගේ ක්‍රියා කලාපය මත සාධාරණයක් සිද්ධ වුණා, ඒ රටේ. හැබැයි ඒ වෙලාවේ ඉම්රාන් ඛාන් මහත්තයට හොඳ කියපු අය අද මේ ගරු විනිශ්චකාරවරුන්ට හොඳ කියන්නේ නෑනේ. අද පැහැදිලිවම මේ අධිකරණ පද්ධතිය තුළ මේ අතුකෝරළ මන්ත්‍රීතුමාට සාධාරණයක් වෙලා තියෙනවා. හැබැයි තවදුරටත් තමන්ගේ අයිතිය දිනාගන්න මිනිහෙක් වුණත් මරන්න විනාශ කරන්න දේපොළ විනාශ කරන ජීවිත නැති කරන්න කියලා සාධාරණීකරණය කරන පිරිසක් ඉතුරු වෙලා ඉන්නවා. 1988 -89 භීෂණ කාලය අදට ගැළපෙන්නෙ නෑ. ඕක තමයි අපි මුල ඉඳන්ම කිව්වේ. මේ දරුවෝ බිල්ලට තියලා උසිගන්වලා මේ රටේ තරුණ පරම්පරාව පාවිච්චි කරලා ඒ තරුණ පරම්පරාවේ කර මතින් ජීවිත අහිමි කරලා දේපළ අහිමි කරලා ආණ්ඩු බලය ලබා ගත්තු අය අද මහ දවල් මිනීමරුමක් සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. ආණ්ඩුවක් කළ යුත්තේ මේක සාධාරණීකරණය කිරීම නෙවෙයි. ආණ්ඩුව කළ යුත්තේ තවත් මෙවැනි දේවල්වලට තරුණයෝ පාවිච්චි නොකර ඉන්න එකයි. තමන්ගේ දේශපාලන පක්ෂ ඉතිහාසය ගත්තත් අසූ ගණන්වල ඉඳන් මේ පක්ෂය කරලා තියෙන්නේ තරුණයන්ගේ ජීවිත පාවිච්චි කරලා තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගත්ත එක. මේ වෙලාවේ කළේත් එහෙම දෙයක්. මේ වෙලාවේ කළේත් අරගලේ මුවාවෙන් තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න එක. ජීවිතයක් නැති කළා, තරුණ පිරිසක් එල්ලුම් ගස් යැව්වා. අවවාද උපදෙස් දීල ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා දැන් එන්න එළියට බහින්න ගහන්න අපි බලාගන්නම් කියලා කියපු අය අද රජ වෙලා ඉන්නවා.අර තරුණයින් පිරිසක් එල්ලුම් ගස් ගිහිල්ලා තියෙනවා. මේක තමයි යථාර්ථය ඉතින්. මේ අය කොච්චර හිත් අමනාපෙන් කෑ ගැහුවත් මේ යථාර්ථය තමයි අද ඉෂ්ඨ වෙලා තියෙන්නේ."