උදේ පාන්දරම ලොකු ගින්නක් පැත්තම ඉවරයි
අද (09) අලුයම 1ට පමණ මස්කෙළිය වැවිලි සමාගම යටතේ පාලනය වන නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ කර්මන්තශලාවේ තේ කුඩු නිෂ්පාදන අංශයේ ගින්නක් හට ගෙන තිබේ.
ගින්නට හේතුව ලෙස තේ කුඩු නිෂ්පාදන අංශයේ හටගත් ගින්න තේ කොළ ගබඩා කර තිබූ ගබඩා කාමරය තෙක් පැතිරී යෑම බව වාර්තා වේ.
ගින්නෙන් ඇසුරුම් කරන ලද නිමි තේ කුඩුද විශාල වශයෙන් විනාශ වී ඇති අතර පැතිර යමින් තිබු ගින්න එම වතුයායේ වතු කම්කරුවන් එක්ව සෙසු අංශ වෙත පැතිරීම පාලනය කර තිබේ.
වතු පාලනාධිකාරිය විසින් සැලසුම් කර මෙම ගින්න ඇති කර ඇති බව වතු කම්කරුවන් චෝදනා කර කරයි. ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැති බවත් ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නෙමැති බවත් වාර්තා වේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තේ කර්මාන්තශාලාවේ ගින්න හටගැනීම හේතුවෙන් විදුලිය විසන්ධි කර ඇත.
නල්ලතන්නිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.