ඉස්සෙල්ලා බලන්න ඕනේ 'ටිප්ටොප් මනමාලයා' කොච්චර කාලයක් එළියේ ඉඳියිද කියලා - නලින්ද
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා ඇත්තේ, අධිකරණය තම වගකීම ඉහළින්ම ඉටු කරන බව ඉදිරි මාස කිහිපය තුළ ජනතාවට දැකගත හැකි බවයි.
කළුතර දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රීවරයෙකු විසින් ඉදිරි ඡන්දයේදී "ටිප්ටොප් මනමාලයෙක්" එන බවත්, ඔහු හොඳම සුදුසුකම් ඇති අයෙකු බවත් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ කීය.
එයා එක්කනෙ වැඩ කළේ ඉතින් බැසිල් රාජපක්ෂට කෝල් එකක් දීලා අහන්න එනවද නැද්ද කියලත් - නාමල් හොඳවයින් කියයි
ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ:
“ඉස්සෙල්ලා බලන්න ඕනේ මනමාලයා තව මාස කීපයක් එළියේ ඉඳියිද කියලා. මොකද CID එක, FCID එක ඒ ගොඩක් අයට එරෙහිව පරීක්ෂණ සිදුකරලා අවසන් අදියරේ පවතිනවා. නඩු ගොනු කෙරෙමින් පවතිනවා. ඉතින් ඒ හීන ඔළුවෙ තියන් ඉන්න අය ඉස්සෙල්ලාම ඒ නඩු කටයුතු ගැනත් බලන්නට ඕනා. එළියේ හිටියොත් ඡන්දෙට ඉල්ලන්න පුළුවන් වෙයි. මං හිතන්නේ අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන බව ඉදිරි මාස කිහිපයේදී ජනතාවට දැකගන්න ලැබෙයි.”