එයා එක්කනෙ වැඩ කළේ ඉතින් බැසිල් රාජපක්ෂට කෝල් එකක් දීලා අහන්න එනවද නැද්ද කියලත් - නාමල් හොඳවයින් කියයි[VIDEO]
2005 වර්ෂයේ ජනාධිපතිවරණයේදී බැසිල් රාජපක්‍ෂ මහතා සමඟ එකට වැඩ කළ ජනතා විමුක්ති පෙරමුණට දැන් බැසිල් රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් ලබා දී හෝ කතා කිරීමට නොහැකි ඇයි දැයි යනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රශ්න කරන බව වාර්තා වේ.
ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ තිහාරිය ප්‍රදේශයේදී පැවැති උත්සවයකින් පසුව බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින්.
එමෙන්ම එහිදී ඔහු විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නිල නිවසින් ඉවත් කිරීමේ වාසිය රටට ලැබී තිබෙනවාද යනුවෙනුත් විමසා සිටියා.
"2005 මේ අය බැසිල් එක්කනෙ වැඩ කළේ,ඉතිං ඒ අයට පුළුවන් බැසිල් රාජපක්ෂට කෝල් එකක් දීලා අහන්න එනවද නැද්ද කියලා. දැන් ඉන්න පොලිසිය භාර ඇමතිතුමා තමයි 2015 දූෂණ මර්දන කමිටුවේ ඉඳලා ඔය නඩුම ඔය විදියටම ගෙන්නුවේ. ඒ අය තාම ගෙන්නනවා. ඉතින් අපි එන්න කියන ඕන වෙලාවක එනවා.ඕන නම් මං අර කිව්වා වගේ පවුම් අනූවේ මාලේ දාගෙන ඉන්න බල්ලත් එක්කන් එන්නම් ඊළඟ පාරදී. පොලිස් ඇමතිතුමා කියනවා දැඩි දඬුවම් ලබා දෙනවා කියලා.ඒ කියන්න ඇත්තෙ ගල් අඟුරු වංචාව ගැන වෙන්න ඇති. අර කැබ් 1775 ක් ගේනවා කිව්වේ ඒක ගැන,අර කන්ටේනර් 323 ක් වරායෙන් පැන්නුවේ ඒ ගැන ඒ වගේම තමයි එතුමා මතක් කරල දෙන්න ඇත්තේ අර කුඩු කන්ටේනර් දෙක ගැන වෙන්න ඇති. තාම පාර්ලිමේන්තුවෙත් අපි අහනවා ගිහිල්ල කට උත්තර දෙනකොටත් මම ඇහුවා කවුද මේක පැන්නුවේ කියල ඒව කියන්න දන්නෑ. හැබැයි ඒ අයගේ ගැහැණු ළමයි ගැන නම් දන්නවා අර පිටරටින් ගෙනාපු අයගේ. හැබැයි කන්ටේනර් දෙක පන්නපු අය ගැන දන්නෑ.මං හිතන්නේ පොලිස් අමැතිවරයා කියන්න ඇත්තේ ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් කුඩු කන්ටේනර් දෙක සම්බන්ධයෙන් වරායෙන් පන්නපු කන්ටේනර් තුන්සිය විසි තුන සම්බන්ධයෙන් දැඩි නීතිය ක්‍රියාත්මක කරනවා කියලා වෙන්න ඇති.
ජනතාව බලාපොරොත්තු වුණා ඒක. අර දිට්වා සුළි කුණාටුවට අහුවෙච්ච අයට ගෙවල් දෙනවට ඉඩම් දෙනවට වඩා හිටපු මන්ත්‍රීවරුන්ගේ පැන්ෂන් එකක් අයින් කරන එක තමයි ප්‍රධානම කාරණය.දැන් ඔය හදිස්සියම තිබ්බනේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙදරින් එළියට දාන්න.දැන් ඒකෙ ලොකූ වාසියක් ආණ්ඩුවට ඇවිල්ල තියෙනවනේ. දැන් ඒ වගේ ප්‍රතිලාභ මිනිස්සුන්ට දෙන්න පුළුවන්.දැන් මන්ත්‍රීවරුන්ගේ පැන්ෂන් එක නැවත්තුවට පස්සේ ඒ මුදල් ටික ජනතාවට දෙන්න පුළුවන්. පික් පොකට්කාරයා, පික් පොකට් එක ගහලා පාරේ දුවනවා මෙන්න පික් පොකට්කාරයෙක් ඉන්නව කියල. සාමාන්‍ය මනුස්සයෙක් පස්සේ තමයි පික් පොකට්කාරයා දුවන්නේ. එතකොට අහිංසක මනුස්සයා ගුටි කනවා පික් පොකට්කාරයා බේරෙනවා.ඉතින් මේ ආණ්ඩුවත් පික් පොකට් න්‍යාය තමයි අනුගමනය කරන්නේ."