සිල් සමාදන් වීමට ගිය පුද්ගලයෙක් අභිරහස් ලෙස මිය ගිහින්
පොහොය දින සිල් සමාදම් වීම සදහා උඩුවර ප්‍රදේශයේ විහාරස්ථානයකට පාගමනින් යමින් සිටි පුද්ගලයකු අභිරහස් ලෙස උඩුවර නේපියර් මාර්ගයේ මියගොස් සිටියදි අද(6) සොයා ගත් බව පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
හාලි ඇල උඩුවර පහලවැල්ගොල්ලගම ප්‍රදේශයේ පදිංචි ව සිටි එස්.එම්.ගුණතිලක (70) නැමති අයෙකු මෙසේ මියගොස් ඇති බව හාලිඇල පොලිසිය පවසයි.
මොහුගේ බිරිඳ සහ දරුවන් හොරණ ප්‍රදේශයේ සිටින බවත්, මොහු තනිවම උඩුවර පහලවැල් ගොල්ලගම නිවසේ සිට ඇති බවත් පොලිසිය සදහන් කරයි.
වප් පොහොය දින (6) උදෑසන සිල් සමාදන් වීම සදහා මොහු පාගමනින් උඩුවර ප්‍රදේශයේ විහාරස්ථානයකට යමින් සිටියදී උඩුවර නේපියර් මාර්ගයේ කැන්දගොල්ලපතන ප්‍රදේශයේ මාර්ගය අසල මොහු මෙසේ අභිරහස් ලෙස මිය ගොස් සිටියදි මළසිරුර සොයා ගත් බවද හාලි ඇල පොලිසිය පවසයි.
බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් රමේෂ් කුමාර මහතා අද(6) මළසිරුර තිබු ස්ථානයට ගොස් නිරීක්ෂණ සටහන් කරගෙන ස්ථානීය පරීක්ෂණය සිදු කරමින් මහේස්ත්‍රාත් පරීක්ෂනය සිදු කර ඇති බවයි සඳහන්.