ගුරුවරයාගේ අමානුෂික පහරින් ක්ලාන්ත වී බිම ඇදවැටුණු සිසුවා රෝහලේ

Report

යාපනය නගරයේ පිහිටි පාසලක අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවකුට පාසලේ ගුරුවරයෙකු අමානුෂීය ලෙස පහරදීම නිසා සිසුවාව පෙරේදා (04 දා) රෝහල් ගතකොට තිබේ.

එම සිසුවා දින කීපයක්ම පාසලට නොපැමිණීම නිසා ඔහුට අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලබාදිය නොහැකි බව ගුරුවරයා ප්‍රකාශ කිරීම නිසා ඊට එරෙහිව ශිෂ්‍යයා කරුණු පැහැදිලි කිරීමට යෑමේදී ගුරුවරයා සිසුවාට පහරදී තිබේ.

ඔයාගේ ගේ ගාව කඩේ මුදලාලිත් මෙහෙම කරනවද? එහෙනම් කරන්න ඕනි දේ මෙන්න

ඔයාගේ ගේ ගාව කඩේ මුදලාලිත් මෙහෙම කරනවද? එහෙනම් කරන්න ඕනි දේ මෙන්න

සිසුවාට පහරදුන් ගුරුවරයා ඔහුව බිම දණගස්වා සිටියදී සිසුවා ක්ලාන්ත වී බිම ඇද වැටී තිබේ. පසුව වෙනත් ගුරුවරයකුගේ මැදිහත්වීම මත නිවසට යවා ස්වල්ප වේලාවකින් යළි ක්ලාන්ත වී තිබේ.

සිසුවාගේ දෙමව්පියන් ඔහුව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

සුළු මොහොතකට පෙර බෙල්ලන්විල සද්දන්තයා මියයයි

සුළු මොහොතකට පෙර බෙල්ලන්විල සද්දන්තයා මියයයි