මුජිබර් රහුමාන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සිදු කළ දුරකථන ඇමතුම් 53 ක් ගැනහෙළි වේ
සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා විශේෂ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ, දැනට අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අතර අභිරහස් ලෙස දුරකථන ඇමතුම් 53ක් හුවමාරු වී තිබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙලෙස ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති බවයි.
බන්ධනාගාරය තුළ සිටි අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර සිරකරු සන්තකයේ රහසිගතව තිබී බන්ධනාගාර නිලධාරීන් විසින් ජංගම දුරකථනයක් සොයාගෙන තිබූ අතර, එම දුරකථන ජාල විශ්ලේෂණ වාර්තා ඔස්සේ සිදු කළ පුළුල් විමර්ශනවලදී මෙම කරුණු අනාවරණය වී ඇත.
මෙම සැකකටයුතු සන්නිවේදනය කුමන හේතුවක් මත සිදුවූවක්ද යන්න සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ පවතින සබඳතා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් ඉදිරි පරීක්ෂණ මෙහෙයවනු ලබයි.