''මාලිමාව කියලා ජනතා විමුක්ති පෙරමුණ හදාගත්තේ මේ රටේ මිනිස්සුන්ව අන්දන්න'' මුජිබර්ගෙන් සැර ප්රකාශයක්
අපි සියළු දෙනාම දන්නවා මේ මේ මාලිමා ආණ්ඩුව හිටපු දොස් කිව්වේ ජන්දය නියමිත වෙලාවට පවත්වන්නේ නෑ නමුත් මේ ආණ්ඩුවත් නියමිත වෙලාවට පවත්වන්නේ නෑ යනුවෙන් මුජිබර් රහ්මාන් මන්ත්රීවරයා ආණ්ඩුවේ මැතිවරණ ක්රමවේදය පිළිබද අදහස් දක්වා තිබේ.
එතුමා තව දුරටත් සදහන් කර ඇත්තේ මෙවන් අදහසක්
'' අපි සියළු දෙනාම දන්නවා මේ මාලිමා ආණ්ඩුව ආන්ඩු වලට දොස් කිව්වේ ජන්දය නියමිත වෙලාවට පවත්වන්නේ නෑ කියලා .ඒ අය ජන්ද සිතියම අකුල ගත්තයි කියලා දොස් කිව්වා . නමුත් ජනතා විමුක්ති පෙරමුණෙ ලේකම් කියනවා ජන්දෙ පවත්වන්න විදිහක් නෑ මේ අවුරුද්දේ කියලා . එතෙන්දී පළවෙනිම දේ තමයි ටිල්වින් සිල්වා ආණ්ඩුවේ මොකද්ද දරණ තනතුර ඔහු පළාත් සභා හා පළාත් පාලන අමාත්යවරයද? ඔහු මේ ආන්ඩුවේ රාජ්ය යාන්ත්රනයේ තනතුරක ඉන්නවද ? එහෙම තනතුරක නෑ එහෙම තනතුරක නැති කෙනෙක් ඇවිල්ලා කියනවා ජන්දෙ තියන්නේ නෑ කියලා. ඒක ඉතාම බරපතලයි. පක්ෂයේ ලේකම් වරයා ,මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක්ද? නමුත් ඔහු කියනවා ජන්දේ තියන්නේ නෑ කියලා .
"ඩොලරය 250 වෙනවට අපි කැමතියි, මාලිමා රට භාරගත්තු දා සිට කොටස් වෙළඳපොළට ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 10යි" - එස්.එම්. මරික්කාර්
ඒකතමා අපි කිව්වේ මේරට දැන් පාලනය වෙන්නේ පැලවත්තෙන් කියලා .ජනාධිපතිවරයා ජන්දෙන් පත් වුණාට මැති ඇමතිවරු ජන්දෙන් පත් වුණාට . ඒ ගොල්ලන්ට උඩින් කෙනෙක් ඉන්නවා . මාලිමාව කියලා ජනතා විමුක්ති පෙරමුණ හදාගත්තේ මේ රටේ මිනිස්සුන්ව අන්දන්න . අපිට දැන් පේනවා එ හදාගත්ත දේ ගිලගන ඉන්නේ ''