කාලෙකට පස්සේ රනිල් මහත්තයා අපේ ගෙදරින් කෝපි කෝප්පයක් බිව්වා - නාමල් රාජපක්ෂ
නිරන්තරයෙන්ම විපක්ෂ එකතු වන්නේ ආණ්ඩු පෙරළා කෝලහාල කිරීමට නොව රට හැදීමට බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඉතිහාසයේ ද විවිධ පුද්ගලයින් දේශපාලනික වශයෙන් එකතු වී ඇත්තේ පුද්ගලයින් පැරදවීමට බවත්, සන්ධානගත විය යුත්තේ සිය පක්ෂයේ ප්‍රතිපත්ති මෙන්ම රටේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන ඉදිරියට යන පිරිසක් සමඟ බවයි ඊයේ(29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
යහපාලන ආණ්ඩුව නිර්මාණය කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ එකතු වූයේ රට ගොඩනගන තේමාවෙන් නොව, මහින්ද රාජපක්ෂ පැරදවීමට බවද ඔහු සඳහන් කළා.
පසුගියදා කතරගම ගොස් නිවසට එන අවස්ථාවේදී හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තංගල්ල කාල්ටන් නිවසට ගොස් මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසා ඇත.
එම අවස්ථාව සිහිපත් කරමින් කලකට පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තංගල්ල කාල්ටන් නිවසට පැමිණි බවත්, එහිදී ඔහු කෝපි කෝප්පයක් ද පානය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.