ඒක සම්පූර්ණයෙන් අසත්‍ය කතාවක් 40ක් මැරුණානම් මෘත දේහ තියෙන්න එපැයි - බන්ධනාගාරයේ 40ක් මැරුණ කතාවේ ඇත්ත නැත්ත නලින්ද එළි කරයි
අද (07) දින පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.
ඒ මීගමුව බන්ධනාගාරයේ ඩෙංගු රෝගය වැළඳීමෙන් රැඳවියන් 40කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පළවන වාර්තා සම්බන්ධයෙන්.
ඒ අනුව එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ එසේ ඩෙංගු රෝගය වැළඳීමෙන් රැඳවියන් 40ක් ජීවිතක්ෂයට පත්වූ බවට පළවන වාර්තා අසත්‍ය බවයි.
බන්ධනාගාරේ ගොඩක් රැඳවියන් මැරුණේ කුඩා කවුළුවකින් ඇතුළට තැබූ වෙඩි ප්‍රහාරවලින් - සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි - ෆ්‍රී ලෝයර්ස්
"ඒක සම්පූර්ණයෙන් අසත්‍ය කතාවක් 40ක් මැරුණානම් මෘත දේහ තියෙන්න එපැයි. ඕනෑම රෝගියෙකුට අවශ්‍ය කරන ප්‍රතිකාර තියෙනවා. කාට හරි උණ රෝගය තිබෙනවානම්, කිහිප දෙනෙකුට උණ රෝගය වාර්තා වෙලා තිබුණා. ඊට කළින් දවසේ එහෙම වාර්තා වෙලා තිබුණේ එක්කෙනයි. එයාටත් ප්‍රතිකාර කළා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ පැමිණිල්ලක් ලැබිලා තිබුණේ නෑ. වෛද්‍යවරුන්ගේ හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හිඟය නිසා රෝගීන් මිය ගිහිල්ලා නෑ. බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කරන්න බැරිනම් ඒ ආශ්රිත තදාසන්න රෝහල්වලට ඒ අය යොමු කරනවා. ඒක තමයි අපේ ක්‍රමවේදය."