කිලිනොච්චියේ දරුණු අනතුරක් - පුද්ගලයෙකු මරුට

Report

පොලිසිය පවසන පරිදි කොඩිකාමම් දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම ධාවනය වූ බස් රථයකට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී එහිදී ඉදිරියෙන් පැමිණි ට්‍රැක්ටර් රථයක යතුරුපැදිය ගැටී මාර්ගය මැද පෙරළී ගොස් ඇත.

ඒ අනුව එම අවස්ථාවේදී යතුරුපැදිකරු පසුපසින් පැමිණි බස් රථයට යටවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කරයි.

මැතිසබේ උණුසුම් තත්ත්වයක් - විපක්‍ෂනායකව කනෙන් අල්ලලා එළියට දාන්න - කරන්න බැරි නම් කථානායක අයින් වෙන්න..

මැතිසබේ උණුසුම් තත්ත්වයක් - විපක්‍ෂනායකව කනෙන් අල්ලලා එළියට දාන්න - කරන්න බැරි නම් කථානායක අයින් වෙන්න..

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු වහාම චාවකච්චේරි රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ වයාවියාලන් දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙක්. අනතුරට සම්බන්ධ ට්‍රැක්ටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

රඳවාගෙන ප්‍රශ්න කළ අකුරේගොඩ ඝාතන සැකකරුවන් අද යළි අධිකරණයට - ජංගම දුරකථනවල දත්ත මකලා තවත් රහස් එළියට

රඳවාගෙන ප්‍රශ්න කළ අකුරේගොඩ ඝාතන සැකකරුවන් අද යළි අධිකරණයට - ජංගම දුරකථනවල දත්ත මකලා තවත් රහස් එළියට

ඒ අනුව අනතුර සිදුවූ සැණින් බස් රථයේ රියැදුරු එම රථයද රැගෙන පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පලාගිය බස් රථය හඳුනාගැනීම සඳහා ප්‍රදේශයේ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කරන අතර සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.