මැතිසබේ උණුසුම් තත්ත්වයක් - විපක්ෂනායකව කනෙන් අල්ලලා එළියට දාන්න - කරන්න බැරි නම් කථානායක අයින් වෙන්න..
අද දින පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා විසින් සභාව ඇමතීමේදී කථානායකවරයාට සිදුකළ උණුසුම් වාග්ප්රහාරයක් නිසා පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති විය.
එහිදී චාමර සම්පත් දසනායක මහතා අදහස් දක්වමින් ප්රකාශ කළේ,
" කථානායකතුමා 9.30 ඉඳන් 11.30 යි වෙලාව. හරිද ඉන්න පොඩ්ඩක් අපි වචනයක් කිව්වේ නෑ මෙච්චර වෙලා. බලාගෙන හිටියා 9.30 ඉඳන්. බැරි නම් ඕක දාලා යන්න කථානායකතුමා වෙන කාටහරි කරන්න කියලා. "
එහිදී එයට ප්රතිචාර ලෙස කථානායක විසින්, " ඔබතුමාට මට නියෝග කරන්න නොහැකියි. විනයක් ඇතුව හැසිරීමට කටයුතු කරන්න." යනුවෙන් අවවාද කළා.
ඒ සමගම සභා නායක බිමල් රත්නායක මහතා විසින් අදහස් දැක්වූ අතර එහිදී පාර්ලිමේන්තුව තවදුරටත් උණුසුම් විය.
බිමල් රත්නායක මහතා විසින්, " එතුමා ඒක කියන්න ඕනේ විපක්ෂ නායකතුමාට, එතුමා තමයි මෙතන සම්පූර්ණයෙන්ම නාවන්නේ. විනාඩි දහයක් නාස්ති කරේ එතුමා. කථානායකතුමාට බැහැ විපක්ෂනායකව කනෙන් අල්ලලා එළියට දාන්න, ඔබතුමාට නම් පුළුවන් වෙයි"
එයට නැවතත් අදහස් දක්වමින් චාමර සමපත් දසනායක මහතා කියා සිටියේ, " මම දෙපැත්තටම කිව්වේ එක පැත්තකට නෙවෙයි කිව්වේ. ඒනිසා ඔබතුමා වලිගෙ පාග ගන්න එපා. මම කාටවත් පක්ෂයක් කියලා කිව්වේ නෑනේ." යනුවෙන්.
එහිදී සභානයක බිමල් රත්නායක මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ "අපි හරියට කාල සටහන හදලා තියෙනවා. ඒ කාලසටහන ඇතුළේ තමයි අපි කටයුතු කරන්නේ. එනිසා මෙතන සභාවේ වාද විවාද කරන්න තියෙන වැදගත් කාලය තමයි විපක්ෂනායකවරයා මංකොල්ලකෑවේ. එතුමගෙ නොමනා හැසිරීමෙන්. ඒකට වග කියන්න ඕන කථානායකතුමා නෙමේ එතුමා."