රඳවාගෙන ප්‍රශ්න කළ අකුරේගොඩ ඝාතන සැකකරුවන් අද යළි අධිකරණයට - ජංගම දුරකථනවල දත්ත මකලා තවත් රහස් එළියට
අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (18) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ අනුව මෙම ඝාතන සැකකරුවන් ඝාතනයෙන් පසුව සිය ජංගම දුරකථනවල දත්ත මකා ඇති බව පොලීසිය පවසයි.
තලංගම, අකුරේගොඩදී පසුගිය සිකුරාදා පස්වරුවේ නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කර තිබුණා.
අනතුරුව පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට පොලිස් කණ්ඩායම් 12ක් පත්කර තිබුණා.
ඒ අනුව, සිදුකළ විමර්ශනවලදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් ඉකුත් 16වන දින පස්වරුවේ ඝාතනය වෙනුවෙන් වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කළ සොහොයුරන් දෙදෙනකු කොට්ටාවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.
පසුව ඔවුන් දෙදෙනා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (17) දින ඉදිරිපත් කිරීමෙන් පසුව අද දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමි විය.
එමෙන්ම ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඊයේ (17) දින පස්වරුවේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී පොල්ගස්ඕවිට 'ඩිලා' නැමැත්තෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගේ උපදෙස් මත අදාළ තරුණයන් දෙදෙනා ගිනිඅවි ප්‍රවාහනය කළ බවත් ඒ වෙනුවෙන් 'ඩිලා' නැමැත්තාද එක්ව ඇති බවත් පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.