කළුතර වෙඩිතැබීමට සම්බන්ධ බවට සැක කරන යතුරුපැදිය බණ්ඩාරගමින්
කළුතර - වස්කඩුව වාඩිය මංකඩ ප්රදේශයේ ඊයේ (15) රාත්රීයේ වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමට යොදාගත් බවට සැක කෙරෙන යතුරුපැදියක් බණ්ඩාරගම ප්රදේශයෙන් සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කරන පරිදි මෙම යතුරුපැදිය අද (15) පෙරවරුවේ බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය ආසන්නයේ වෙල්යායක් අසලදී හමුවූ බව ප්රකාශ කරයි.
ඒ අසල කළු පාටට හුරු ආරක්ෂක හිස් වැස්මක් සහ යතුරුපැදිය අසල බිම කළු පාටට හුරු රෙදිවලින් මැසූ නවතම ජැකට්ටුවක් ද පොලීසිය සොයාගෙන ඇත.
ඊට අඩි කීපයක් දුරින් ඇති වෙල්යාය අසල කහ පාටට හුරු හාල් උරයක දමා තිබූ සපත්තු යුගලක් ද හමුවී තිබෙන බවට සඳහන් වේ.
එමෙන්ම අපරාධ ස්ථාන පරිශ්රනාගාර නිලධාරීන් සහ ඇඟිලි සටහන් නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පවත්වා ඇත.
ඒ අනුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.