ශිරන්තිට බයිපාස් සැත්කමක්.. වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමඟ තව ස්වල්ප මොහොතකින් රටම බලන් සිටි නියෝගය

Report

ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින් ‘සිරිලිය සවිය’ සංවිධානය වෙත රුපියල් මිලියන 10ක මුදලක් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ වෛද්‍ය වාර්තාව අද (16) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇති බව අධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

එසේම වෛද්‍ය වාර්තාව පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ආවරණ ලිපියක් ද සහිතව එය ඉදිරිපත් කර තිබෙන බවයි.

ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - අනිද්දට සියල්ල යථා තත්ත්වයට

ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - අනිද්දට සියල්ල යථා තත්ත්වයට

අඳාළ වාර්තාවේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ රෝගී තත්ත්වය පිළිබඳ තොරතුරු සඳහන් වන බව විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, ඇයට බයිපාස් සැත්කමක් සිදුකළ යුතු බවට ද එහි සඳහන් වන බව කියා ඇත.

එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දී ඇත්තේ එම වෛද්‍ය වාර්තාව පරීක්ෂා කිරීමෙන් පසුව කරුණු දැක්වීමට තමන්ට අවසර ලබාදෙන ලෙසයි.

එබැවින් නඩුවේ වැඩිදුර කටයුතු පස්වරු 2.45 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මේ කාලසීමාව දීර්ඝ කිරීමට පියවර - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් මෙම අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක්

මේ කාලසීමාව දීර්ඝ කිරීමට පියවර - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් මෙම අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක්

සම්පත් බැංකු පාරිභෝගිකයින්ට හදිසි නිවේදනයක්

සම්පත් බැංකු පාරිභෝගිකයින්ට හදිසි නිවේදනයක්