මෝදිට ලැජ්ජා හිතෙයි - තමන්ගේ බිරිඳගේ ඇඳුමයි මෝදිගේ ඇඳුමයි දැක්ක අගමැති නෙදන්යාහුගේ කට ඇරෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රැගත් විශේෂ ගුවන් යානය ටෙල් අවීව් නුවර බෙන් ගුරියන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී, ඔහු පිළිගැනීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගුවන්තොටුපාළට ගොස් ඇත්තේ ඔහුගේ බිරිඳ සාරා ද සමඟයි.
එහිදී ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගැනීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ බිරිඳ කටයුතු කර ඇත.
මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෝදි පිළි ගෙන තිබුණේ ඔහුව වැළඳ ගනිමින්. එසේම මෙහිදී අග්‍රාමාත්‍ය මෝදිගේ අඳුම කෙරෙහි විශේෂ අවධානායක් යොමුව තිබෙනවා.
ඔහු සැරසී සිටියේ සාම්ප්‍රදායික කුර්තාවකින් සහ සුදු පැහැති දුරිදාර් කලිසමකින්.
එසේම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අළු පැහැති ගත්තම් කළ අත් රහිත කබායක් පැළද සිටි අතර, එහි සාක්කුවේ, රන්වන් තැඹිලි පැහැති සාක්කු ලේන්සුවක් තිබුණි.
මේ අතර මෝදි පිළිගැනීමට පැමිණ සිටි නෙදන්යාහුගේ බිරිඳ සාරා නෙදන්යාහු ද සැරැසී සිටියේ රන්වන් තැඹිලි පැහැති ඇඳුමකින් වීම මෙහිදී කැපී පෙනුණි.
ඒ අනුව තම බිරිඳගේ ඇඳුමේ පැහැයත්, මෝදිගේ සාක්කු ලේන්සුවේ පැහැයත් සමාන බව ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය නෙදන්යාහුට තේරීමත් සමඟ, ‘ඔබේ ලේන්සුවේ පාට මගේ බිරිඳගේ ඇඳුමේ පාටට සමානයි’ යනුවෙන් අග්‍රාමාත්‍ය නෙදන්යාහු, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට පවසා ඇති අතර මෙම සිදුවීම විදෙස් මාධ්‍යයේ අවධානය දිනා ගැනීමට සමත් විය.