දිල්ලි කාර් පිපිරීමෙන් මෝදි කම්පනයට
නවදිල්ලියේ රතු බලකොටුව (ලාල් කිලා) මෙට්‍රෝ ස්ථානය අසල සිදුවූ කාර් පිපිරීම සැණින් මහත් කම්පනයට පත්වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි X සමාජ මාධ්‍යයේ පළ කළේය.
Condolences to those who have lost their loved ones in the blast in Delhi earlier this evening. May the injured recover at the earliest. Those affected are being assisted by authorities. Reviewed the situation with Home Minister Amit Shah Ji and other officials.@AmitShah
— Narendra Modi (@narendramodi) November 10, 2025
“මියගිය අයගේ පවුල්වලට හදවතින්ම කණගාටු වෙමි. තුවාලකරුවන් ඉක්මනින් සුවය ලැබේවා. බලධාරීන් සියලුම සහාය ලබාදෙමින් තත්ත්වය පාලනය කරමින් සිටියි”
යැයි ඔහු සඳහන් කළේය.
ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පිපිරීම සිදුවූ ස්ථානයට පැමිණ පොලිස් ප්‍රධානීන් හමුවී විමසා බැලූ අතර, ලොක් නායක් රෝහලට (LNJP) ගොස් තුවාලකරුවන් හමුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහු මෝදිට දුරකථන හරහා සියලු විස්තර එසැණින් ලබාදුන් බවත් සඳහන් වේ.
ඉන්දීය ආරක්ෂක අංශ මෙය ඉස්ලාමීය ත්රස්තවාදීන්ගේ කුරිරු ප්‍රහාරයක් ලෙස සැක කරමින් NIA සහ NSG විමර්ශන ආරම්භ කර ඇත. පිපිරීමට පැය කිහිපයකට පෙර හර්යානා ප්‍රාන්තයේ ෆරීඩාබාද් නුවර කුලී නිවසකින් කිලෝග්‍රෑම් 2,500ක පුපුරන ද්‍රව්‍ය, AK-47 ආයුධ, පිස්තෝල සහ ටයිමර් තොගයක් සොයාගැනීමට බුද්ධි අංශ තොරතුරු මත පොලීසියට හැකි විය.
මෙම නිවසේ කුලියට සිටි ජම්මු-කාශ්මීරයේ පුල්වාමා නිවැසියා වෛද්‍ය මුජම්මිල් ෂකීල් සහ තවත් වෛද්‍යවරයෙකු ග්රැප්තරු කර ඇත. ඔවුන් ජයිෂ්-ඊ-මොහමඩ් සහ අන්සාර් ගාස්වාත්-උල්-හින්ඩ් යන පාකිස්තාන සහාය දෙන ත්‍රස්ත කණ්ඩායම්වල සාමාජිකයින් ලෙස සැක කෙරෙන අතර, දිල්ලි ඉලක්ක කළ වසර 15ක ත්‍රස්ත මොඩියුලයක් බිඳදැමීම මෙය බව තොරතුරු වේ.