සටන් විරාම අතරමැද මෝදී ජාතිය අමතයි...

By Hashini May 13, 2025 05:30 AM GMT
Report

පසුගියදා කාශ්මීරයේ පෙහෙල්ගම් හි සංචාරකයින් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තිබුණා.

ඉන් අනතුරුව ඉන්දියාව හා පාකිස්තානය අතර යුද ගැටුම් හටගනු ලැබුවා.

ඉන්දු පකිස්තාන ගැටුම්වලට විරාමයක් ලැබීමෙන් දින කිහිපයකට පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පළමුවර ජාතිය අමතා තිබෙනවා.

හිටපු ප්‍රධානියෙක් හිතුමතේ රට සවාරි ගිහින්..

හිටපු ප්‍රධානියෙක් හිතුමතේ රට සවාරි ගිහින්..

අනාගතයේදී ඉන්දියාවට එරෙහිව තවත් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවුවහොත් තම රට ඊට ද දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බව ඔහු එහිදී සඳහන් කර තිබෙනවා. 

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් සිදුකළ සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොව ත්‍රස්තවාදයට එරෙහි ප්‍රතිපත්තියක් වන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියා.

අගමැතිවරයා සඳහන් කළේ පාකිස්තානයට එල්ල කරන ප්‍රහාර අවසන් වී නැති බව සහ එම ප්‍රහාර අත්හිටුවා ඇත්තේ පකිස්ථානය ත්‍රස්තවාදීන්ට එරෙහිව පියවර ගන්නා බවට පොරොන්දු වීමෙන් පසුව පමණක් බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉන්දියාව පාකිස්ථානයේ ක්‍රියාමාර්ග සමීපව නිරීක්ෂණය කර ඒ අනුව ක්‍රියා කරන බවයි.    

ආණ්ඩුවේ මා ඇතුළු 15ක් සමාජ ජාලවල නානවා.. - චතුරංග නහයෙන් අඬයි..

ආණ්ඩුවේ මා ඇතුළු 15ක් සමාජ ජාලවල නානවා.. - චතුරංග නහයෙන් අඬයි..