ආණ්ඩුවේ මා ඇතුළු 15ක් සමාජ ජාලවල නානවා.. - චතුරංග නහයෙන් අඬයි..
ආණ්ඩුවේ සිටින බොහෝ දේට පිළිතුරු දිය හැකි පුද්ගලයන් ඉතා සීමිත බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාගෙන් තමන් ඇතුළු 15 දෙනෙකු පමණක් “නාන්නේ” බව ඔහු සඳහන් කරයි.
එයට හේතුව තමන් ඇතුළු එම 15 දෙනා නිතර මාධ්‍යවලට මුහුණ දෙන නිසා බව ඔහු පෙන්වා දෙයි.
අද ජනාධිපති අනුර දිසානායක මහතා විහිළුවට ලක්වන බවත් ඔහු කියා සිටියි.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අතරින් සමාජ ජාලවල සක්‍රීයව කටයුතු කරන්නේ තමන් සහ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පමණක් බවත් ඔහු පවසයි.
එබැවින් සමාජ ජාල හරහා තමන්ට බලවත් ප්‍රහාරයක් එල්ල වන බවත් ඔහු සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.