ජිනීවා යෝජනා දිනන්න බෑ කියලා දැන දැනත් ඡන්ද හොයන්න මැති ඇමතිවරු රට සවාරි ගිහින්- විජිත
විදේශ ඇමති විජිත හේරත් මහතා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවට විරුද්ධව ඉදිරිපත් කරන ලද යෝජනාවක් ජයග්‍රහණය කරන ලද්දේ 2010 වසරේ පමණක් බව ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු කියා සිටියේ එම යෝජනාවද ශ්‍රී ලංකා රජය පැත්තෙන් ශ්‍රී ලංකා රජය විසින්ම ගෙන ආ යෝජනාවක් බවයි.
ඉන් පසු ගෙන ආ සියලු යෝජනා ඡන්ද විමසීමට යොමු කළ අවස්ථාවල පරාජයට පත්ව ඇති බවද විදේශ ඇමතිවරයා ප්‍රකාශ කළා.
ඒ අනුව ඔහු පැවසුවේ සාමූහික වශයෙන් යුරෝපා රටවල් එක් මතයක සිටින නිසා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන යෝජනා පරාජයට පත් කිරීම ඉතා විරල බවයි.
තවද ශ්‍රී ලංකා රජය සඳහා ලැබෙන ඡන්ද ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අඩුවන බව නිරීක්ෂණය වන බවද ඔහු සඳහන් කළා. එමෙන්ම ස්ථාවරයක් ප්‍රකාශයට පත් නොකරන රටවල් ගණනද ඉහළ ගොස් ඇති බව ඇමතිවරයා කියා ඇත.
කෙසේ නමුත් මෙහි විමතියට කරුණු නම් පැවති රජයන් එම යෝජනාවන් පරාජයට පත්වන බව දැන දැනත් මහජන ධනය ඒ සඳහා වියදම් කිරීම බව විදේශ ඇමතිවරයා ප්‍රකාශ කළා.
එසේම ඔහු චෝදනා කර සිටියේ ශ්‍රී ලංකාවට ඡන්ද ලබාගැනීම සඳහා මෙරට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිස් එම රටවල සංචාර කළ බවයි.
එවැනි පසුබිමක ඡන්දයක් ඉල්ලීමෙන් සිදුවන්නේ දැනටමත් ජාත්‍යන්තරීකරණය වී ඇති ප්රශ්නය දේශීය ලෙස විසඳා ගැනීමට තිබූ අවස්ථාව ද අහිමිවීම බව ඔහු පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේ මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසම් සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කිරීම ගැන අද පාර්ලිමේන්තුවේදී විෂය විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.