''බාල ගල් අඟුරුවල බර ජනතාවට දෙන්නේ නෑ'' ගල් අගුරු ගැටළුව ගැන ඇමති නලින්ද කට අරියි
මෙරටට ගෙනා ප්‍රමිතියෙන් තොර ගල් අඟුරුවලින් සිදුවන අලාභයේ බර ජනතාව මත පටවන්නේ නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කර තිබේ.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
මෙවැනි ගනුදෙනුවලදී සැපයුම්කරු පාඩුව දරා ගත යුතු බව අමාත්‍යවරයා තවදුරටත් එතුමා සදහන් කර ඇත.
තව දුරටත් ඔහු සදහන් කළේ විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර තිබෙන විදුලි බිල ඉහළ දැමීමේ යෝජනාව සහ මෙම සිද්ධිය අතර සම්බන්ධයක් නොමැති බවයි.
මේ සම්බන්ධව තව දුරටත් අදහස් දැක් වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේ මෙවන් අදහසක්
“කිසිසේත්ම ජනතාවගේ කරපිටින් යන්න හේතුවක් නෑ මෙවැනි ගනුදෙනුවලදී සැපයුම්කරු මත තමයි ඒ පාඩුව යොදවන්නේ. සැපයුම්කරු තමයි පාඩුව දරාගන්න ඕනේ. මේ කිසිදු නැවක් පාවිච්චියෙන් බැහැර කරන්නේ නෑ. එතැනදි ලැබෙන ක්‍රියාවලියේදී තිබෙනවානම් දෝෂයක් ඒකට තමයි පිළියම් යොදන්න ඕනේ. තව නැව් 15ක් එන්න නියමිතව තිබෙනවා ලබා දී ඇති කාලය අනුව ඒ නැව් 15 එන්න පුළුවන්. මේ පාඩුව ජනතාව මත පැටවීමේ අවශ්‍යතාවයක් රජයට නෑ. විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරලා තියෙන විදුලි බිල ඉහළ දැමීමේ යෝජනාව මේ ගල් අඟුරුත් එක්ක කිසි සම්බන්ධයකුත් නෑ.
ඒ වගේම රජයට අයත් මහජන උපයෝගීතා කොමිසම තමයි අවසාන තීරණය ගන්නේ. මේ පරීක්ෂණ වාර්තාවල ඇතිවන තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් සහ ඇතිවෙලා තිබෙන පාඩුව ගණනය කිරීම සඳහා ඒ සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කරන්න මොරටවුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගෙන් සමන්විත සහ අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්නට බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා පියවර අරන් තියෙනවා”
ඒ වගේම එම අමාත්‍යවරයා සදහන් කළේ ගල් අඟුරු සම්බන්ධව මතුව ඇති ප්රශ්නය සම්බන්ධව කරුණු අධ්‍යනය කිරීම සඳහා ප්‍රවීණයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් තීරණය කර ඇති බවයි.