අධි අවදානම් කලාපවල නිවාස 12,301ක් පදිංචියට සුදුසු නෑ-ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය
නාය යෑමේ අධි අවදානම් කලාපවල පිහිටි නිවාස 12,301ක් ජීවත් වීමට නුසුදුසු බැවින් එම නිවාසවලින් ඉදිරියේදී මුළුමනින් ම ඉවත් කිරීමට සිදුවනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආසිරි කරුණාවර්ධන අනාවරණය කර ඇත .
පසුගිය දා පාර්ලිමේන්තුවේදී පැවති රජයේ මුදල් කාරක සභාවේදී මේ බව අනාවරණය කළ අධ්‍යක්ෂවරයා සදහන් කර තිබේ.
ඒ වගේම එතුමා පෙන්වා දුන්නේ මේ නිවාස අතර නිවාස සහ භූමිය මේ වන විටත් හානියට පත් වූ නිවාසත් භූමියට හානියක් වුවද දැනට නිවසට හානියක් නොවූ නිවාස මෙන් ම මෙතෙක් නිවෙසට සහ භූමියට කිසිදු හානියක් නැතත් ඉදිරියේදී එවැනි හානියක් ඇති වීමේ අවදානමක් ඇති නිවාස ද පවතින බවයි.
තවද පසුගිය 17 වන දා පාර්ලිමේන්තුවේදී පැවති රජයේ මුදල් කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
එහිදී නිලධාරීන් පෙනවා දුන්නේ දිට්වා ආපදාවේ හානි තක්සේරු කිරීමත් ඉඩම් හඳුනා ගැනීමත් හේතුවෙන්, නිවාස ප්‍රතිසංස්කරණය සහ කුලී ආශ්‍රිත සහන ගෙවීම් මුදා හැරීම මෙතෙක් ප්‍රමාද වී ඇති බවයි.
එහිදී අනාවරණය වූයේ, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස සඳහා ප්‍රමාණවත් තරම් ඉඩම් හඳුනා ගැනීමේ ගැටලුවත් පවතින බවයි.
රටම හෙල්ලූ අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුව
මෙහිදී නිළධාරීන් ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට ස්ථාන 240ක් නිවාස ඉදිකිරීම් සඳහා ඉඩම් තෝරාගෙන නිවාස ඉදිකිරීම සඳහා යෝග්‍ය බවට සනාථ කරගෙන ඇති බව සහන ගෙවීම් අපේක්ෂා කරන්නන් මුහුණ දෙන ගැටලු පිළිබඳ කාරක සභා සාමාජිකයන් මෙහිදී පෙන්වා දුන් අතර විශේෂයෙන් ම නිවාස සම්බන්ධයෙන් වන සහාය හැකි ඉක්මණින් ලබා දිය යුතු බවයි.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූ මහජනතාව වෙත ආපදා සහන සැලසීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා වූ අතර එහිදී දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලද විවිධ සහන පියවර යටතේ, මේ වන විට රුපියල් බිලියන 24.4ක් පමණ මුදාහැර ඇති බව තවදුරටත් ඔවුන් සදහන් කරයි.
මෙම අවස්ථාවේදී නිවාස පිරිසුදු කිරීම, නිවාස උපකරණ මිල දී ගැනීම සහ පාසල් සිසුන් සඳහා වන දීමනාවලින් බහුතරයක් මේ වන විටත් බෙදා දී ඇති බව නිලධාරීහු පෙන්වා දී තිබේ.
තවද හානි තක්සේරු කිරීම සහ ඉඩම් හඳුනා ගැනීම වැනි ක්‍රියාවලීන් හේතුවෙන්, නිවාස ප්‍රතිසංස්කරණය සහ කුලී ආශ්‍රිත සහන ගෙවීම් මුදාහැරීම මෙතෙක් ප්‍රමාද වී ඇති බවත් ඔහුන් ප්‍රකාශ කර තිබේ.
තවද නිලධාරීන් මෙම අවස්ථාවේදී මෙම කටයුතු සත්‍යාපනය කරන ආකාරය සහ වගවීම සහතික කරන ක්‍රියාවලිය පිළිබඳත් මෙහිදී අදහස් දක්වා ඇත.