පාස්කු ප්‍රහාරය ගැන අධිකරණ ඇමතිම කතා කරයි
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලදී ඊට අදාළ තොරතුරු හෙළිදරව් නොකළ යුතු බවත්, විමර්ශන තවමත් සිදුවෙමින් පවතින බවත්ය.
ඒවා විමර්ශනවල කොටසක් බැවින්, මෙම තොරතුරු හෙළිදරව් කිරීමට පාර්ලිමේන්තුව පවා නියෝග නොකළ යුතු බවත් ඔහු පාර්ලිමේන්තුවට සඳහන් කළේය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා මේ ආකාරයට ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිටුපස සිටින මහමොළකරු රජය හෙළිකළ යුතු බව සජබ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කල ප්‍රකාශයට පිළිතුරු ලෙසය.
වක්‍ර ආකාරයෙන් පරීක්ෂණ කඩාකප්පල් කිරීමට උත්සාහ කරන අයට එසේ කිරීමට ඉඩනොදිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.