අනුර ඉල්ලා අස් වෙන්න හේතු කියයි - ඒවා බොරු ඇත්ත කියන්නැයි විපක්ෂය යකා නටයි

Report

කන්ටේනර් 323ක් සම්බන්ධ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට පත් කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකත්වයෙන් තමන් ඉල්ලා අස්වන බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඒ අනුව තමන් එම තීරණය ගැනීමට හේතු වූ කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම තේරීම් කාරක සභාව සඳහා තමන් පත් කරන අවස්ථාවේදී නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ද, වර්තමානය වන විට තමන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන බවයි.

එබැවින් ඔහු පෙන්වා දෙන්නේ කන්ටේනර් නිදහස් කිරීමේ කටයුතු ශ්‍රී ලංකා රේගුව මඟින් සිදු කළ ද, වරාය අධිකාරිය යනු එම ආනයන අපනයන කටයුතු සඳහා පහසුකම් සපයන ආයතනයක් බවයි.

බහාලුම් ගැටලුව විසදිමට විශේෂ තේරීම් කාරක සභාවට නව සාමාජිකයෙක්

බහාලුම් ගැටලුව විසදිමට විශේෂ තේරීම් කාරක සභාවට නව සාමාජිකයෙක්

එබැවින් තමන් වරාය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් මෙම කාරක සභාවේ රැඳී සිටීම තුළින් "සබැඳියාවන් අතර ගැටුමක්" ඇති විය හැකි බවත්, එමඟින් විමර්ශන ක්‍රියාවලියෙන් හෙළි වන සත්‍යයේ විනිවිදභාවය පිළිබඳව කිසිවෙකුට ප්‍රශ්න කිරීමට ඉඩක් ලැබිය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එනිසා විමර්ශනයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා තමන් මෙම තීරණය ගත් බවත්, ඒ සම්බන්ධ ලිපිය සභාගත කරන බවත් ඔහු ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා කියා සිටියේ මෙම විමර්ශනය සඳහා රේගුවේ සහ වරාය අධිකාරියේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් කැඳවීමට නියමිත බැවින්, විෂය භාර අමාත්‍යවරයා එහි සිටීම ගැටලු සහගත බව විපක්ෂය ද මින් පෙර පෙන්වා දුන් බවයි.

එසේ වුවත් අමාත්‍යවරයා අවධාරණය කළේ මෙම ඉල්ලා අස්වීම තමන් විසින් කරුණු සලකා බලා ගනු ලැබූ ස්වාධීන තීරණයක් මිස වෙනත් කිසිදු ඉල්ලීමක් මත සිදු කරන ලද්දක් නොවන බවයි.

දකුණු ආසියාවෙන්ම ළමයි වෙනුවෙන් ලංකාව පෙරට එයි - ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්‍රඥප්තියට එක්වෙයි

දකුණු ආසියාවෙන්ම ළමයි වෙනුවෙන් ලංකාව පෙරට එයි - ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්‍රඥප්තියට එක්වෙයි

අඩු ආදායම් ලාභීන්ට සුබ ආරංචියක් - රජයෙන් නාගරික නිවාස 2,500 ක්

අඩු ආදායම් ලාභීන්ට සුබ ආරංචියක් - රජයෙන් නාගරික නිවාස 2,500 ක්