කිරිපිටි වර්ගයක මිල දැනෙන ගාණකින් වෙනස් වෙයි.. ඒ අනුව නව මිල මෙන්න..
අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල ගණන් පහත දමා තිබෙනවා.
ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 75කින් පහත දමා ඇත.
ඒ අනුව එහි නව මිල රුපියල් 1050ක් වේ.
මේ අතර, කිලෝග්‍රෑම්යක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 190කින් පහළ දමා ඇත.
ඒ අනුව එහි නව මිල රුපියල් 2,585ක් ලෙස සටහන් වෙයි.
මේ අතර, මේ වන විට පුවක් ගෙඩියක මිල රුපියල් 40 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මීට සති දෙකකට පෙර දී පුවක් ගෙඩියක් අලෙවි කෙරුණේ රුපියල් 35 කට වේ.
මෙලෙස මිල ඉහළ ගොස් ඇත්තේ මේ දිනවල ප්‍රමාණවත් පරිදි පුවක් අස්වැන්නක් නොතිබීමත්, රට තුළ තිබෙන පුවක් කරුංකා බවට පත්කර ඉන්දියාවට සහ පාාකිස්තානයට අපනයනය කිරීම හේතුවෙන් ය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,