හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ සඳහා නව වෙළඳපොළක්
මධ්‍යම පළාතේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ සඳහා නව වෙළඳ පොලක් හඳුන්වා දීම නිමිත්තෙන් ආරම්භ කරන ලද ‘මැදරට විස්කම් දෑත් 2026’ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය සහ නිර්මාණ සජීවීකරණ වැඩසටහන මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේදී ඊයේ (02) ආරම්භ වී තිබෙනවා.
මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව සංවිධාන කරන ලද මෙම ප්‍රදර්ශනය විවෘතවූයේ පළාත් කර්මාන්ත අමාත්‍යංශය ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් .
පාරම්පරික හා නව දේශීය කර්මාන්ත නියෝජනය කරන පාර්ශව සඳහා ආදායම් මාර්ග විවෘත කිරීම සහ ඔවුන් සඳහා නව ඇණවුම් ලබා ගැනීමේ අවස්ථා මෙහිදී විවර කිරීම ද එක් අරමුණක් වෙනවා.
කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයශ්‍රීනී අමරකෝන් මහත්මිය ඇතුළු නිලධාරීන් සහ කර්මාන්ත කරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.