ඊශ්‍රාලය ලෙබනනයට ගැහුවා කියලා සටන් විරාමය වෙනස් කරන්න එපා ඒක මෝඩකමක් - ඇමරිකාවෙන් ප්‍රකාශයක්

Report

ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් අනතුරු අඟවා ඇත්තේ ලෙබනනයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් වොෂින්ටනය සමග ඇති කරගත් සටන් විරාමය අනතුරේ හෙළීම ඉරානය කරන "මෝඩකමක්" වනු ඇති බවයි.

මෙම සටන් විරාමය සඳහා මැදිහත් වූ පාකිස්ථානය, සති දෙකක කාලසීමාවකට අදාළ එම ගිවිසුමට ලෙබනනය ද ඇතුළත් බව පැහැදිලිව ප්‍රකාශ කළද, ඊශ්‍රායලය ලෙබනනයට පහරදීම නතර කරන බවට අමෙරිකාව එකඟ නොවූ බව වෑන්ස් පවසා ඇත.

යුද්ධයේ සටන් විරාමය වෙනුවෙන් දින දෙකක් නිවාඩු ලෙස ප්‍රකාශ කරයි - ඉරාන දූතයන් අද පකිස්ථානයට

යුද්ධයේ සටන් විරාමය වෙනුවෙන් දින දෙකක් නිවාඩු ලෙස ප්‍රකාශ කරයි - ඉරාන දූතයන් අද පකිස්ථානයට

"තමන් දැඩි ලෙස පසුබෑමකට ලක්ව සිටි ගැටුමකදී, තමන්ට කිසිදු සම්බන්ධයක් නැති සහ සටන් විරාමයේ කොටසක් බව අමෙරිකාව කිසිසේත් ප්‍රකාශ නොකළ ලෙබනනය වෙනුවෙන් මෙම සාකච්ඡා බිඳවැටීමට ඉරානය ඉඩ දෙන්නේ නම්, එය ඔවුන්ගේ තීරණයක්. අප සිතන්නේ එය මෝඩකමක් බවයි, නමුත් එය ඔවුන් සතු තේරීමක්." යනුවෙන් ඔහු පවසා ඇත.

උසස් පෙළ විභාග ප්‍රතිඵල ගැන අමුතුම ආරංචියක් එළියට

උසස් පෙළ විභාග ප්‍රතිඵල ගැන අමුතුම ආරංචියක් එළියට