මීට පස්සේ ලියුම් දාලා නිකන් ඉන්නේ නෑ දීලා තියෙන ලයිසන් තාවකාලිකයි - ඇමතිගෙන් රතු එළියක්

Report

ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී ඇත්තේ කොන්දෙසිවලට යටත්ව බැවින් යම්කිසි අවස්ථාවක දී එම කොන්දෙසි කඩ කළහොත් අදාළ රූපවාහිනී නාලිකා සතු බලපත්‍රය නැවත කැඳවීමේ හැකියාව ජනමාධ්‍ය අමාත්‍යවරයා සතු බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙරට ජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය උදෙසා සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරණය සඳහා කටයුතු කළ මාධ්‍යවේදීන්ගේ මෙහෙවර ඇගයීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කළ සෞඛ්‍ය අඬහැරය -2025 සෞඛ්‍ය සන්නිවේදකයන් ඇගයීමේ උත්සවය අද (29) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවතුණා.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.

හිරුට සාධාරණය ඉල්ලා නාමලුත් පෙරට.. - නාමල් ආණ්ඩුවට සැර වෙයි

හිරුට සාධාරණය ඉල්ලා නාමලුත් පෙරට.. - නාමල් ආණ්ඩුවට සැර වෙයි

එම අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ කරුණු සඳහන් කළා.

එසේම අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ සෑම රූපවාහිනී නාලිකාවක් සඳහාම විකාශන බලපත්‍රය ලබා දී ඇත්තේ තාවකාලික බලපත්‍රයක් ලෙසට බවයි.

"මේක සෙල්ලමක් නෙමෙයි. ඔබට වැඩ කරන්න සිදුවෙලා තියෙන්නේ ජනතාවගේ විශ්වාසය, මේ අවකාශයේ තිබෙන සංඛ්‍යාත ආදි සියල්ලමත් එක්ක. අවශ්‍ය නම් සාදිරිස් ගුරුන්නාස්සේ අම්බලන්ගොඩ ඉදලා කොළඹට නාඩගම් පෙට්ටිය අරගෙන ආපු විදියට ප්‍රවෘත්ති වාර්තා කරන්න පුළුවන්. එහෙම ප්‍රවෘත්ති වාර්තා කරන්න බෑ. මේවා විහිළුවට හෝ සෙල්ලමට කරන වැඩ නෙවෙයි. එහෙම විහිළුවක් හෝ සෙල්ලමක් විදියට ගන්න අපි සූදානමුත් නෑ. අපේ රටේ මේ සියලු රූපවාහිනී නාලිකාවලට ලයිසන් එක ලබාදීලා තියෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්.

විවේචනවලට නිදහස තියෙනවා.. බොරු නිව්ස්වලට නෙමෙයි - මාධ්‍ය ඇමති

විවේචනවලට නිදහස තියෙනවා.. බොරු නිව්ස්වලට නෙමෙයි - මාධ්‍ය ඇමති

ඒ ලයිසන් එක ලබාදීලා තිබෙන්නේ තාවකාලිකව. ඒ ලයිසන් එක දෙනකොට කන්ඩිශන් කිහිපයක් තිබෙනවා. මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් හානිදායක ප්‍රවෘත්ති ප්‍රචාරය කළොත් යළි කැදවීමේ බලයක් ජනමාධ්‍ය අමාත්‍යවරයාට තියෙනවා. ජාතික ආරක්ෂාව දාලා තියෙනවා. ජාතික ආර්ථික සම්බන්ධයෙන් කියනවා, මහජන සෞඛ්‍යත් කියනවා. ඒ නිසා මෙතනින් එහාට කවුරුහරි මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් විකෘති සහගන ප්‍රවෘත්ති ප්‍රචාරය කළොත් දැනට අපි කරමින් ඉන්නේ ලියුමක් යවලා ඒක නිවැරදි කරන්න කියන එක විතරයි. අනිවාර්ය වශයෙන්ම මේ ලයිසන් එක ලබා දීමේදී දිලා තියෙන කොන්දේසි බලාත්මක කරනවා. එහෙම නැතුව රටක් ඉදිරියට යන්න බෑ. ඒක කරන්නට ඕනේ. සෞඛ්‍ය සම්බන්ධයෙන් විශ්වාසය රටේ ජනතාවගේ බිඳවැටුනොත් එතනින් එහාට මුකුත් කරන්නට බෑ."  

2026 වෙසක් පුන් පොහෝ දිනයේ වෙනසක් - ත්‍රෛනිකායික නාහිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

2026 වෙසක් පුන් පොහෝ දිනයේ වෙනසක් - ත්‍රෛනිකායික නාහිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්