ඉන්ධනවලට උපරිම පාලන මිලක්

Report

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමඟ දේශීය ඉන්ධන මිල පාලනය කිරීම සඳහා වසර 30කට ආසන්න කාලයකින් පළමු වරට උපරිම මිල සීමා පද්ධතියක් හඳුන්වා දීමට දකුණු කොරියා රජය තීරණය කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

දකුණු කොරියා ජනාධිපති ලී ජේ-මියුන්ග් ඊයේ (09) පැවැත්වූ රැස්වීමකදී මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය. අතිශයින් මිල ඉහළ ගොස් ඇති තෙල් නිෂ්පාදන (පෙට්‍රල්, ඩීසල් ඇතුළුව) සඳහා උපරිම මිලක් නියම කරන පද්ධතියක් ඉක්මණින් හඳුන්වා දී දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය.

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳාමට හා මැදපෙරදිගින් ආනයනය කරන බලශක්ති සම්පත් මත දැඩි ලෙස රඳා පවතින දකුණු කොරියා ආර්ථිකයට මෙය විශාල බරක් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. එමෙන්ම, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ලැබෙන බලශක්ති සැපයුම්වලට අමතරව විකල්ප මූලාශ්‍ර සොයා බැලීමට රජය කටයුතු කරන බවද ඔහු පැවසීය.

ජනාධිපති ප්‍රතිපත්ති උපදේශක කිම් යොන්ග්-බොම් සඳහන් කළේ, ඉන්ධන මිල සීමා පද්ධතිය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය කඩිනමින් පියවර ගන්නා බවයි. එය මෙම සතිය තුළදීම ක්‍රියාත්මක විය හැකි බව ඔහු කීවේය.

මෙම පියවර මගින් දකුණු කොරියානු පාරිභෝගිකයින්ට ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑම අවම කිරීමට බලාපොරොත්තු වන අතර, එය රජයේ බලශක්ති සුරක්ෂිතතාව හා ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේ උපාය මාර්ගයක කොටසක් ලෙස දැකගත හැකිය. මෙය වසර 30කට ආසන්න කාලයකින් පසුව එවැනි මිල පාලනයක් හඳුන්වා දීමක් වීම විශේෂත්වයකි.

තෙල් තොග මුදා හැරීම මේ මොහොතේ සිට නවත්වනවා - G7 රටවල් එක්වෙයි

තෙල් තොග මුදා හැරීම මේ මොහොතේ සිට නවත්වනවා - G7 රටවල් එක්වෙයි

සිපෙට්කෝ මිලට සාපේක්ෂව සිනොපෙක් සහ IOC ඉන්ධන මිලත් ඉහළට - නව මිල මෙන්න

සිපෙට්කෝ මිලට සාපේක්ෂව සිනොපෙක් සහ IOC ඉන්ධන මිලත් ඉහළට - නව මිල මෙන්න