අද තරගය ගැන වේගපන්දු යවන මතීෂ පතිරණ හෙළි කළ දේ මෙන්න..

Report

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2024 හි ශ්‍රී ලංකාව මුහුණදෙන තෙවැනි තරගය ‍සත්කාරක ඇමරිකාවේ ෆ්ලොරීඩා හී දී ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (12 වැනිදා) පෙරවරු 5.00ට සෙන්ට්‍රල් බ්‍රෝවාර්ඩ් පාර්ක් ක්‍රීඩාංගණයේදී ඇරඹීමට නියමිතව තිබුණා.

අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරඟය වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අද ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් අහිමි වෙයි..??තරඟය පටන් ගන්නත් පෙර සිදුවූ දේ.

අද ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් අහිමි වෙයි..??තරඟය පටන් ගන්නත් පෙර සිදුවූ දේ.


ඒ සමගින්ම මෙය ශ්‍රී ලංකාව සහ නේපාලය පන්දුවාර 20 ජාත්‍යන්තර පිටියේදී මුණගැසෙන පළමු අවස්ථාව ලෙසින් ඉතිහාසයට එක්වනු ඇත.

කෙසේවෙතත් අද පැවැත්වීමට නියමිත තරග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අදහස් දැක්වීමක් සිදු කර තිබුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මතීෂ පතිරණ,

"අපි පුහුණු තරග දෙකේදි දැක්ක විදිහට විකට්ස් පොඩ්ඩක් ස්ලෝ. හොදට බෝලේ එන්නේ නෑ බැට් එකට.

අපිට තේරුන විදිහට නම් ලොකු ලකුණු ප්‍රමාණයකට යන්න බැරි වෙයි.

ශ්‍රී ලංකාවට අවසන් 08 දෙනා අතරට පැමිණීමේ නව බලාපොරොත්තුවක්..ඊයේ රෑ සිදු වූ දේ මෙන්න..

ශ්‍රී ලංකාවට අවසන් 08 දෙනා අතරට පැමිණීමේ නව බලාපොරොත්තුවක්..ඊයේ රෑ සිදු වූ දේ මෙන්න..


මං හිතන්නේ ලකුණු 150ක් 160ක් වගේ කරගන්න පුළුවන් වුනොත් අපිට ලේසියෙන් තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා."