මොන තරම් ඛේදවාචකයක් ද? ස්ථාන රැසක අතුරුදහන් වූවන් සෙවීම නවතයි

Report

සුළි කුණාටුවත් සමඟ මෙරට ඇතිවූ මහා පරිමාණ නාය යාම් කිහිපයකින්ම අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් නවතා දැමීමට සිදුව ඇති බව වාර්තා වී ඇත.

මාර්ග අවහිරතා මත එම ස්ථානයන්ට ළඟාවීමට නොහැකි වීම සහ බරපතළ ආකාරයෙන් නාය ගොස් තිබීම ආදිය ඊට හේතු වී ඇති බව සඳහන්.

එසේම එම පස් කඳුවලට යට වී තවත් මළසිරැරු සැලකිය යුතු ප්‍රමාණයක් තිබිය හැකි බවට ද සහන කණ්ඩායම් අනුමාන කරයි.

ඒ අනුව අලවතුගොඩ, උඩුදුම්බර, මීමුරේ, ගම්පොළ රඹුක්කන ආදී ප්‍රදේශවල මේ ආකාරයේ මහා පරිමාණ නාය යම් සිදු වී තිබෙන අතර ඒවායේ තවදුරටත් මෙහෙයුම් සිදු කිරීම ඉතා දුෂ්කර තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

ආපදා මරණ 410ක් දක්වා ඉහළට - තවමත් 336 දෙනෙක් අතුරුදන්

ආපදා මරණ 410ක් දක්වා ඉහළට - තවමත් 336 දෙනෙක් අතුරුදන්

එමෙන්ම ඒවායේ නාය යාමෙන් අතුරුදහන් වූවන්ගේ නිවැරදි සංඛ්‍යාලේඛන පවා මේ වන තෙක් සකස් කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

එසේ වුවත් මාර්ගවල ගමන් කිරීමමට හැකි තත්ත්වයකට පත් වූ පසුව යළි අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කිරීමට සහන කණ්ඩායම් බලාපොරොත්තුවෙන් සිටින බව පවසයි.

අද 2 වෙනකල් තත්ත්වය භයානකයි - මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 70 ට රතු නිවේදන

අද 2 වෙනකල් තත්ත්වය භයානකයි - මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 70 ට රතු නිවේදන

කඳපොල නායයෑමෙන් පවුලක් අතුරුදහන් , සෙවීමට යුද හමුදා මෙහෙයුමක්

කඳපොල නායයෑමෙන් පවුලක් අතුරුදහන් , සෙවීමට යුද හමුදා මෙහෙයුමක්