කඳපොල නායයෑමෙන් පවුලක් අතුරුදහන් , සෙවීමට යුද හමුදා මෙහෙයුමක්

Report

ඉකුත් දා කඳපොළ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව නිසා කඳපොල චන්දිරිගම ප්‍රදේශයේ නායයෑමකින් අතුරුදහන් වූ පවුලක් සොයා මේ වනවිට යුද හමුදාව මෙහෙයුමක් දියත් කර ඇත.

මෙලෙස නාය ‍‍යෑම හේතුවෙන් මව, දරුවන් දෙදෙනා සහ දරුවන් දෙදෙනාගේ මිත්තනිය ද අතුරුදන්ව ඇත.

නුවරඑළිය සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඊයේ (01) දිනයේ දී මෙම මෙහෙයුම දියත් කර තිබේ.

පසුගිය 27 වනදා දහවල් එම ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව සමග මෙම නිවස නාය ගොස් තිබුණි.

එම අවස්ථාවේ ඔවුන් සියලුදෙනා නිවසේ රැඳී සිටි බව ප්‍රදේශවාසීන් සදහන් කරයි .

මෙම සිදුවීමෙන් අතුරුදහන් වූවන් සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

දක්ෂිණ අධිවේගයේ මේ පිවිසුම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

දක්ෂිණ අධිවේගයේ මේ පිවිසුම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

අද සිට බස් රථ 4000කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කෙරේ

අද සිට බස් රථ 4000කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කෙරේ