අද 2 වෙනකල් තත්ත්වය භයානකයි - මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 70 ට රතු නිවේදන
රට පුරා පවතින අධික වර්ෂාව නිසා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 70 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (02) සවස දක්වා බල පැවැත්වෙන ලෙස නාය යෑමේ තෙවන මට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇත.
එසේම තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 27 කට පළමු සහ දෙවන මට්ටමේ නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ.
එහිදී තෙවන ඔට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, සෙරණාතොට, ඇල්ල, හපුතලේ, ඇල මීගහකිවුල, හල්දුමුල්ල වැලිමඩ පස්සර බණ්ඩාරවෙල, ලුණුගල බදුල්ල සහ කන්දකැටිය, මහනුවර දිස්ත්‍රික්කයේ හතරලියද්ද, උඩදුම්බර, කුණ්ඩසාලේ උඩුනුවර, පාතදුම්බර, තුම්පනේ, මැදදුම්බර ගඟ ඉහළ කෝරළ, මිනිපේ පුජාපිටිය, අකුරණ පාතහේවාහැට දෙල්තොට ගඟවට කෝරළය, යටි නුවර, දොළුව, පබාගේ කෝරළය, උඩපළාත, පන්විල සහ හාරිස්පත්තුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, යටියන්තොට බුලත්කොහුපිටිය, අරණායක, ගලිගමුව, කෑගල්ල වරකාපොළ, මාවනැල්ල, දෙහිඕවිට, රුවන්වැල්ල සහ දැරණියගල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල නාරම්වල, වල්ලවපිටිය, රිදීගම අලවිට සහ මාවතගම, මාතලේ දිස්ත්‍රිස්ත්‍රික්කයේ යටවත්ත, විල්ගමුව, පල්ලේපොළ, අඹන්ගඟ කෝරළය, මාතලේ උකුවෙල නොවුල රත්තොට, ලග්ගල පල්ලේගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, මතුරට, නුවරඑළිය. තලවකැලේ වලපනේ, නිල්දණ්ඩාහින්න, නෝර්වුනි. අඹගමුව, කොත්මලේ බටහර සහ කොත්මලේ නැගෙනහිර, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69 සඳහායි.
ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇත. එසේම කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව, මහරගම, කඩුවෙල සහ හෝමාගම, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය සහ බුලත්සිංහල, මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිලේ සහ මැදගම, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ඇහැලියගොඩ, අයගම, කහවත්ත කොලොන්න, ඉඹුල්පේ, බලංගොඩ, පැල්මඩුල්ල නිවිතිගල, කලවාන, කිරිඇල්ල, ඇලපාත, ගොඩකවෙල, රත්නපුර සහ ඕපනායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.
එමෙන්ම මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද එනම් 2025.12.02 වන දින පස්වරුව තෙක් බල පැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.
පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවල ඉකුත් පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 ඉක්මවු වර්ෂාපතනයක් සහ දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවල පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 100 ඉක්ම වූ වර්ෂාපතනයක් ද ලැබී ඇති බවත් තව දුරටත් වර්ෂාව පවතී නම් ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා ගන්නා ලෙසත් තෙවන මට්ටම් රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවලට ඉකුත් පැය 24 කාලය තුළ මිලි මීටර් 150 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් එම ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යා යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තව දුරටත් සඳහන් කරයි.