පන්දාහක් අරන් ඇඟ තලාගන්න ගිය පහලවේ සිසුවාට දෙලොව රත්වෙයි..

Law and Order Sinhala news gagana news SriLanka News - Gagana
By Shehan May 21, 2025 05:28 PM GMT
Shehan

Shehan

Report

සම්බාහන ශාලා, එහෙමත් නැත්නම් බහුතරයක් විසින් "මසාජ් ක්ලිනික්" ලෙස හඳුන්වන ස්ථාන සම්බන්ධයෙන් දිනෙන් දින වාර්තා වන තොරතුරු මාධ්‍ය හරහා ප්‍රවෘත්ති බවට පත්වෙමින් තිබේ. මේවායින් බොහෝවිට හෙළිවන්නේ බරපතළ සමාජීය හා නීතිමය ගැටලු රැසකි.

පසුගියදා කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වූ බිහිසුණු සිදුවීමක් මේ සම්බන්ධයෙන් ප්‍රධාන පුවතක් බවට පත්විය. වයස අවුරුදු 15ක ළමයකු කුරුණෑගල නගරයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් එහි සිටි වැඩිහිටි කාන්තාවන් දෙදෙනකු විසින් බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට තොරතුරු හෙළි විය. මෙම සිදුවීම විමර්ශනය කළ කුරුණෑගල පොලිසියට අනුව, ළමයා තම නිවසේ තිබූ රුපියල් 5,000ක මුදලක් රැගෙන මෙම ස්පා මධ්‍යස්ථානයට ගොස් ඇති අතර, එහිදී ඔහුට "සේවය" සැපයීමට කාන්තාවන් දෙදෙනෙකු ඉදිරිපත් වී තිබේ.

ලොකෙම දිනන්න ගිය අනුදි විජයත් එක්ක සිනමාවට?..

ලොකෙම දිනන්න ගිය අනුදි විජයත් එක්ක සිනමාවට?..

වාර්තාවලට අනුව, ළමයා එම කාන්තාවන් දෙදෙනාට රුපියල් 1,500ක මුදලක් ගෙවා ඇත. එහෙත්, එම "සේවය" ලබාදීමෙන් පසුව, එම කාන්තාවන් විසින් ළමයා බරපතළ ලෙස අපයෝජනය කර ඇත. ගෙදර ආ ළමයා මේ බව තම දෙමාපියන්ට පවසා ඇති අතර, ඉන් පසුව ඔවුන් විසින් කුරුණෑගල පොලිසියට පැමිණිලි කර තිබේ. පොලිස් විමර්ශනවලදී හෙළි වූ තවත් බරපතළ කරුණක් වන්නේ, කුරුණෑගල ප්‍රදේශයේ නීතිවිරෝධී සම්බාහන මධ්‍යස්ථාන 60කට වැඩි ගණනක් ක්‍රියාත්මක වන බවයි.

මෙම සම්බාහන ශාලා හෝ "මසාජ් ක්ලිනික්" රට පුරා හතුපිපිරි ගැසුවා සේ බිහිවෙමින් තිබේ. බොහෝ එවැනි ස්ථාන නිසි බලපත්‍ර හෝ සුදුසුකම්වලින් තොරව ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි. "ආයුර්වේද සම්බාහන" යන ලේබලය යටතේ මෙහෙයවන බොහෝ ස්ථාන නමට පමණක් ආයුර්වේද ලෙස හඳුන්වන බවත්, ඇතැම් තැන්වල ගණිකා ජාවාරම, මත්ද්‍රව්‍ය ජාල, සහ පාතාල ක්‍රියාකාරකම් පවා සිදුවන බවත් පොලිසියේ විමර්ශනවලින් හෙළි වී ඇත.

දිලිත්ගේ මන්ත්‍රීවරු හොරෙන් මාලිමාව එක්ක..

දිලිත්ගේ මන්ත්‍රීවරු හොරෙන් මාලිමාව එක්ක..

මෙවැනි ස්ථානවල සිදුවන සිදුවීම් පොලිසියට දැඩි අභියෝගයකි. උදාහරණයක් ලෙස, තලංගම ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙකු පහරදී ඝාතනය කිරීමේ සිදුවීමක් පසුගියදා වාර්තා විය. එසේම, ඉඹුල්ගොඩ, නුවර පාරේ පිහිටි ස්පා මධ්‍යස්ථානයකට කඩාවැදුනු සන්නද්ධ කල්ලියක් එහි සිටි තරුණියන් දෙදෙනකු පැහැරගෙන ගොස්, නිවසක රඳවාගෙන අතවර කළ බවට ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීමක් ද මීට එක් උදාහරණයකි.

මීට අමතරව, සම්බාහන ශාලාවලට පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ මුදල් සොරකම් කිරීම, එම ස්ථානවල ඇතිවන ගැටුම්, සහ විවිධ අපරාධමය ක්‍රියාවන් ගැන ද පොලිසියට නිරතුරුව පැමිණිලි ලැබේ. වැලිවේරියේදී තෙරපිවරියක විසින් තරුණියක ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ සිදුවීමක් ද මෑතකදී මහත් ආන්දෝලනයක් ඇති කළේය.

දිගටම බාල්දුවෙන රුපියල..

දිගටම බාල්දුවෙන රුපියල..

කොළඹට සීමා වී තිබූ මෙවැනි "ආයුර්වේද සම්බාහන ශාලා" දැන් කොළඹින් පිටත, විශේෂයෙන්ම සංචාරක ආකර්ෂණය ඉහළ තැන්වලද බිහිවෙමින් තිබේ. නුවරඑළිය වැනි සංචාරක ගමනාන්තවල ද මෙවැනි ස්ථාන රැසක් බිහිව ඇති අතර, ඒවායින් සමහරක් දෙස් විදෙස් සංචාරකයන්ට "සේවා" සපයන බව පැවසුවත්, ඇතැම් තැන් ගණිකා ජාවාරමට මුවා වූ ස්ථාන බවට සැකයක් පවතී. නුවරඑළියේ මෙවැනි ස්ථාන 5ක් පමණ ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

නුවරඑළිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතාට මෑතකදී ලැබුණු තොරතුරකට අනුව, නගරයේ කුලියට ගත් ගොඩනැඟිල්ලක පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා ජාවාරමක් සිදුවන බව හෙළි විය. මෙම තොරතුරු තහවුරු කිරීමෙන් පසු, ප්‍රධාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි ඇතුළු පොලිස් කණ්ඩායම විසින් සූක්ෂම ලෙස සැලසුම් කළ වැටලීමකින් අදාළ ස්ථානය වටලන ලදී. මෙම වැටලීමේදී ගණිකා වෘත්තියේ යෙදෙන බවට සැකකෙරෙන කාන්තාවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

ඉස්සරහට නැති වෙන්න යන කෑම

ඉස්සරහට නැති වෙන්න යන කෑම

එම ස්ථානයේ කළමනාකරු එවකට සිට නොමැති වුවත්, ඔහු මෙම ජාවාරම ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන ගිය බවට තොරතුරු හෙළි වී ඇත. ඔහු නුවරඑළියේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත. අත්අඩංගුවට ගත් කාන්තාවන් කොළොන්නාව, හෝමාගම, හසලක, කඩවත, සහ වැලිමඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගේ වයස අවුරුදු 25ත් 47ත් අතර පවතී. මොවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරමින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.

ඔයාගේ පාට කැපිලා පේන්න මේ පාට අදින්න (PHOTO)

ඔයාගේ පාට කැපිලා පේන්න මේ පාට අදින්න (PHOTO)

මෙම සිදුවීම් හා විමර්ශනවලින් පෙන්නුම් කරන්නේ, "ආයුර්වේද සම්බාහන" යන ලේබලය යටතේ ක්‍රියාත්මක වන බොහෝ ස්ථානවල බරපතළ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදුවන බවයි. මෙවැනි තත්ත්වයන් මහජන සාමයට හා සමාජ ආරක්ෂාවට බලවත් තර්ජනයක් වන අතර, ඒවා මැඩපැවැත්වීම සඳහා බලධාරීන් විසින් දැඩි පියවර ගත යුතු බව පැහැදිලිය. 

බැංකු ගිණුම් විවෘත කරන්නන්ට විශේෂ දැනුම්දීමක්

බැංකු ගිණුම් විවෘත කරන්නන්ට විශේෂ දැනුම්දීමක්

ReeCha