දුම්රිය ගමන් වාර රැසකට බාධා - මේ වන විට රට පුරා තත්ත්වය මෙන්න මේකයි..
මේ වන විට මෙරටට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය සහ පුත්තලම මාර්ගය ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා.
ඒ හේතුවෙන් සංඥා පද්ධතියේ දෝෂ ඇතිවීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් කිහිපයක් දක්නට ලැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව දුම්රිය සාමාන්‍යාධිකාරී ඉඳිපොලගේ මහතා සඳහන් කළේ බොහෝ දුම්රිය ස්ථානවල දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි.
එමෙන්ම, වග සහ කොස්ගම දුම්රිය ස්ථාන අතර පාලමක් ජලයෙන් ගසාගෙන යාම හේතුවෙන් මේ වනවිට කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය වග දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා.