සහල් හිඟයට තිත තබමින්...සහල් මෙට්‍රික් ටොන් 440 ක් දිවයිනට..ගෙනල්ල තියෙන්නෙ මේ වර්ග...

Government Of Sri Lanka Government Of India Sri Lanka Food Crisis Latest Headlines
By Sewvandhi Dec 12, 2024 12:07 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රේගූව පවසන්නේ, ආනයනය කරන ලද සහන් හැකි ඉක්මනින් මහජනතාවට ලබා දීම සඳහා රේගුව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවයි.

අද (12) පැවැති මාධ්‍ය හමුවේදී, රේගූ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩක මහතා මේ බව පැවසීය.

කවුරුත් නොසිතූ දෙයක් සහල් මිලට වෙන්න යයි - අලුත්ම කොන්දේසියකුත් දාලා..

කවුරුත් නොසිතූ දෙයක් සහල් මිලට වෙන්න යයි - අලුත්ම කොන්දේසියකුත් දාලා..

ඒ අනුව මේ වන විට ආනයනික බහලුම් 17ක් ආනයනය කර ඇතැයිද ඒ තුල කැකුළු සහල් සහ තම්බපු සහල් පවතින බවත් එම සහල් තොග හැකි ඉක්මනින් මහජනතාවට ලබා දීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

"අද උදෑසන වන විට රේගුවට ආනයන බහලුම් 17ක් නිදහස් කිරීමට ලැබිලා තියෙනවා. එයින් බොහෝ ප්‍රමාණයක් දැනටමත් නිදහස් කර අවසන්. මේ ආනයනික බහලුම් 17 මෙට්‍රික් ටොන් 440ක් පමණ අඩංගු වෙනවා මෙයින් මෙට්‍රික් ටොක් 130ක් කැකුළු සහලුත් මෙට්‍රික් ටොන් 300ක් පමණ තම්බපු සහල් තමයි ආනයනය කරලා තියෙන්නේ.

සජබ ජාතික ලැයිස්තුවේ ඉතිරි 4දෙනා මෙන්න..

සජබ ජාතික ලැයිස්තුවේ ඉතිරි 4දෙනා මෙන්න..

මේ සියලු ම ආනයනයන් ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සිට. මේ සහල් හැකි ඉක්මනින් රේගුවෙන් නිශ්කාෂනය කරලා මහජනතාවට ලබාදීම සඳහා ශ්‍රී ලංකා රේගුව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ අනුව අවම ප්‍රමාදයකින් හැකි තරම් ඉක්මනින් ආනයනකරුවන් තීරුබදු ගෙවීමෙන් අනතුරුව සහ ආහාර පාලක සහ ශාක නිරෝධායන නිලධාරීන් පරික්ෂා කිරීමෙන් පසුව ආනයනකරුවන් වෙත නිදහස් කිරීමට අපි කටයුතු කරලා තියෙනවා." 

………………………………………………………………………………………

You may like this video 👇


ReeCha