තෙල් - ගෑස් අර්බුදයට අවසන් විසඳුම මන්නාරමෙන්

Report

මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ස්වාභාවික ගෑස් ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට රජය සූදානම් වෙමින් සිටින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

මන්නාරම ස්වභාවික සම්පත්වලින් පොහොසත් ප්‍රදේශයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ලුණු ඇතුළු විවිධ ඛනිජ සම්පත් එම ප්‍රදේශයේ පවතින බව සඳහන් කළේය.

මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු සඳහා අවශ්‍ය ගිවිසුමක් පසුගියදා අත්සන් කර ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දිස්ත්‍රික්ක ගණනාවකට මහ වැසි - ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි

දිස්ත්‍රික්ක ගණනාවකට මහ වැසි - ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි

ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් සහ ස්වාභාවික ගෑස් සම්පත් සාර්ථකව හඳුනාගතහොත්, රට මුහුණ දී සිටින තෙල් හා ගෑස් අර්බුදයට විසඳුම් සෙවීමේදී මන්නාරම් දිස්ත්‍රික්කයට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව ප්‍රකාශ කළේ ජාතික ලුණු සමාගමේ මන්නාරම ලේවායේ නව පාලන ගොඩනැගිල්ල සහ ගබඩා සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (27) එක්වෙමිනි.

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්