මාලදිවයිනත් ලොකු අවුලක - ඉන්දියාවෙන් තෙල් ඉල්ලයි

Report

ඉන්දියාවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා මාලදිවයින ඉල්ලීමක් කර ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය තහවුරු කරයි.

ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් මහතා ප්‍රකාශ කළේ, ලොව සිව්වන විශාලතම තෙල් පිරිපහදු කරන්නා වන ඉන්දියාව මේ වන විටත් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය යන අසල්වැසි රටවලට ඉන්ධන සපයන අතර, මාලදිවයිනේ ඉල්ලීම ද එරට අවශ්‍යතා සහ පවතින තොග අනුව සලකා බලන බවයි.

ඉරානයේ පාලම් සහ විදුලි බලාගාර විනාශ කරන බවට ට්‍රම්ප් අනතුරු අගවයි

ඉරානයේ පාලම් සහ විදුලි බලාගාර විනාශ කරන බවට ට්‍රම්ප් අනතුරු අගවයි

ලෝක බැංකු දත්තවලට අනුව මාලදිවයින සිය ඉන්ධන අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් ඕමානයෙන් සපුරා ගත්තද, වත්මන් මැදපෙරදිග අර්බුදය හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් එම සැපයුම් මාර්ග අඩාල වී තිබේ.

මෙම තත්ත්වය මත ද්‍රව වායු (LNG) සහ ද්‍රව පෙට්‍රෝලියම් වායු (LPG) ප්‍රවාහනය සුරක්ෂිත කිරීම සඳහා ඉන්දියාව ඉරානය ඇතුළු රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර, මේ වන විට ගල්ෆ් කලාපයේ සිට LPG නෞකා 6ක් රැගෙන ඒමට සමත්ව ඇත.

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

කෙසේ වෙතත්, ඉන්දීය ධජය සහිත නෞකා 18ක් තවමත් එම කලාපයේ සිරවී ඇති බව වාර්තා වේ.

මේ අතර, අමෙරිකානු සම්බාධක ලිහිල් කිරීමෙන් පසුව ඉරානයෙන් සෘජුව තෙල් මිලදී ගැනීමට ද ඉන්දීය පිරිපහදුකරුවන් සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.