අපි ඉවරයි තුරන් කරපු රෝගයක් ආයෙත් ලංකාවෙ - දැනටම රෝගීන් 38ක්
මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂිකා වන විශේෂඥ වෛද්‍ය චම්පා අලුත්විර මහත්මිය විසින් මේ වසර තුළ මේ දක්වා කාලය තුළදී මැලේරියා රෝගීන් 38 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙන බව සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් වශයෙන් පිළිගෙන තිබුණද මෙම රෝගය යළිත් ව්‍යාප්ත වීමේ බරපතළ තත්ත්වයක් පවතින බව ඇය අවධාරණයෙන් කියා සිටියි.
මෙම රෝගයේ ප්‍රධාන අවදානම් කණ්ඩායම් වන්නේ මැලේරියාව බහුලව පවතින විදේශ රටවල සංචාරය කර යළි මෙරටට පැමිණෙන පුද්ගලයන් සහ මෙරටට පැමිණෙන සංචාරකයන් බව වාර්තා වේ.
එබැවින් අලුත්විර මහත්මිය තවදුරටත් පැහැදිලි කර ඇත්තේ සාම සාධක මෙහෙයුම්වලට විදේශගත වන පිරිස් මෙන්ම මැණික් ව්‍යාපාරිකයන් හරහාද මැලේරියාව මෙරටට ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවයි.
එසේම දඹදිව, තායිලන්තය, මියන්මාරය සහ නේපාලය වැනි රටවල මැලේරියාව තවමත් බහුලව ඇති බව සඳහන් කරමින් වෛද්‍යවරිය ප්‍රකාශ කළේ එම ප්‍රදේශවල සංචාරය කිරීම මඟින්ද මෙම රෝගය රට තුළ පැතිරීමේ ඉහළ අවදානමක් නිර්මාණය වන බවයි.