හිස ඔසවන මාරාන්තික ලෙඩක් - මරණ 22ක්
ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ දිවයිනේ දිස්ත්‍රික්ක 11ක යළිත් ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු මදුරුවන් බෝ වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය පවසයි.
දත්ත අනුව මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,392 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 22ක් සිදු ව ඇත.
එම නිසා ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය වැඩිදුරටත් පැවසුවේ පවතින තත්ත්වය හමුවේ ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනය සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.