අලුත් අවුරුදු සමරන්න ගම්බිම් බලා යන්න මාකුඹුරට හිතාගන්න බැරි ජනතාවක් ඇවිත්
අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් අධිවේගී මාර්ග හරහා ගම්බිම් බලා යෑම සඳහා විශාල පිරිසක් අද (11) අලුයම සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පැමිණ ඇත.
ඒ හේතුවෙන් බස්රථවලට ගොඩවීම සඳහා දිගු පෝලිම් නිර්මාණය වී තිබේ.
කෙසේ නමුත් ප්‍රමාණවත් තරම් බස් රථ යොදවා තිබෙන බව සදහන් වේ.
ඒ හේතුවෙන් මඟී ජනතාවට පහසුවෙන් සිය ගමනාන්ත කරා යාමට අවස්ථාව සැලසී තිබේ.