තවත් බෝම්බ ප්‍රහාරයක ගැන අහන්න මෛත්‍රීගෙන් සාක්ෂි ගනී

Report

2008 වසරේ බොරලැස්ගමුවේදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට අදාළ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අද (28) කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි වාර්තා කර ගන්නා ලදී.

2008 ඔක්තෝබර් 10 වන දින බොරලැස්ගමුවේදී එවකට කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ අරමුණින් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම සාක්ෂි ලබා ගන්නා ලදී.

අනේ අපි වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම්.. බද්ද අඩු කරන්න..- ලංකාව ඇමරිකාවෙන් ඉල්ලයි..

අනේ අපි වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම්.. බද්ද අඩු කරන්න..- ලංකාව ඇමරිකාවෙන් ඉල්ලයි..

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනිණි.

මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මරණ සඳහා අනිවාර්ය මරණ පරීක්ෂණ නියෝගයක්

අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මරණ සඳහා අනිවාර්ය මරණ පරීක්ෂණ නියෝගයක්

නඩුවේ ප්‍රථම සාක්ෂිකරු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සාක්ෂි වාර්තා කිරීමෙන් පසුව, ඔහුව මුදා හැරීමට අධිකරණය නියම කළේය.